Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

ක්‍රිකට් නිලවරණයට තිලංග නැති කතාව බොරුවක් – නාම යෝජනා බාරදෙයි..!

2018 මැයි 19 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම හා නිලවරණය සඳහා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට සහභාගී වීමට නොහැකි බවට රාවයක් පැතිරී ගියේය. එයට හේතුව වශයෙන් බොහෝ කරුණු පසුගිය දින කිහිපයේ පුවත් මවන්නට විය.

කෙසේ නමුත් තිලංග සුමතිපාල මහතා අද දින නාම යෝජනා මැතිවරණ කමිටුවට භාරදුන් අතර ඔහුගේ නාම යෝජනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි සාමාජික සංගම් හා ක්‍රීඩා සමාජ 86 දෙනාගෙන් 56 කගේ යෝජනා ස්ථිරත්වයෙන් නාම යෝජනා භාර දී ඇත.

ඒ අනුව තිලංග සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමට වලංගු චන්ද 145 න් 110 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව තහවුරු වේ.

2018 අප්‍රේල් 27 දින නාම යෝජනා භාරදීම අවසන් දිනය වේ.