ශ්‍රී ලංකා නව නායකත්වයට ගේන්න යන ප්‍රවේගකාරී ක්‍රීඩකයා මෙන්න..!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු  කියාසිටියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නව නායකත්වයක් යටතේ තරග වදින බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ නමද යෝජනා වී තිබෙනවා.

ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම එක්දින නායකත්වය සඳහා යෝජනා කෙරුණද ඒ අතරින් තිසර පෙරේරා ඉදිරියෙන්ම සිටින බවයි ඔහු කියා සිටියේ.

පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදුන්නේද තිසර පෙරේරායි.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පරාජය වුවද ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරය පිළිබඳව තේරීම් කමිටු සාමාජිකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ වත්මන් නායක උපුල් තරංග පිතිකරණයෙන් දක්ෂතා දැක්වුවද නායකයෙකු ලෙස අසාර්ථක බවයි තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ.

එක්දින කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්නගේ නම් යෝජනා වී ඇති බවද ඉකුත්දා වාර්තා වුණා.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් වර්තමානයේ එක්දින පිටියේ දක්වන දක්ෂතා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි තේරීම් කමිටුව පවසා ඇත්තේ. ඒ, චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ 11 දෙනා අතරට එ්මද වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින්.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කරන ක්‍රීඩකයා පිළිබඳව තේරීම් කමිටුව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින අතර එහි අවසන් තීරණය ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කසුන් කැලුම්

Sri Lanka’s Thisara Perera celebrates the wicket of Australia’s David Warner during their second one day international cricket match in Colombo, Sri Lanka, Wednesday, Aug. 24, 2016. (AP Photo/Eranga Jayawardena)

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: