කතරගම දෙවියන්ගේ අඩවියේ සිදු වූ මහපොළව නුහුලන මහා අපරාධය.

පසුගිය 09 වන දින හිරු අවරට යන වෙලේ කතරගම දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ තිස්‌සමහාරාම මාගම ප්‍රදේශයේ සිදු වූ මහා අපරාධයක්‌ පිළිබඳව වූ පුවතක්‌ ගම පුරා පැතිර ගියේ එය ඇසූ ඇසූ සියලු දෙනා මහත් කම්පාවට පත් කරමිනි. 10 වන දින උදෑසන මුළු ගම පුරා පැතිර ගියේ හිරුණි ගෙල වැළලා ගැනීමට ගොස්‌ රෝහල්ගත කර ඇති බවයි. මෙය ඇසූ සියලු දෙනා පැවසූවේ ඒ කෙල්ලට බෙල්ලේ වැළලා ගැනීමට හේතුවක්‌ නෑ. මොකක්‌ හරි වෙන සිදු වීමක්‌ වෙලා ඇති කියාය. කිව්වත් හරි. සිදුව තිබුණේ පාපතරයන් තිදෙනකු හිරුණි සමූහ දූෂණයට ලක්‌ කර ඇති බවයි. මින් ලැඡ්ජාවට හා කම්පාවට පත් දැරිය දෙමාපියන්ට මුහුණ දිය නොහැකි නිසා ලිපියක්‌ ලියා තබා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබේ.

ගමේ ගොඩේ මෙන්ම පාසලේ ගුරු මහත්ම මහත්මින්ගේද ආදරය දිනාගෙන සිටි 14 වියෑති මහවෙල ගමගේ හිරුණි තක්‌ෂිලා කිසිවිටකත් අනෙකෙකුට කරදරයක්‌ නොවූ අයෙකි. ඇය නිරතුරුවම හීන දැක්‌කේ පාසලේ ශිෂ්‍ය නායිකාවක වීමටය. සිය අධ්‍යාපන කටයුතු ද එකක්‌ නෑර සිදු කළේ කවදා හෝ දවසක මේ සමාජයේ කිසිවකුටක්‌ අතනොපා සිටීමටය. එහෙත් හිරුණි තක්‌ෂිලාගේ මේ සියලු බලාපොරොත්තු එක රැයකදි සුණුවිසුණු වී ගියේ තවත් පාපතරයන් තිදෙනකුගේ උකුසු ඇසට හසුවීම නිසාවෙනි.

මියගිය සිය දැරියගේ ශෝකය දරාගත නොහැකි වු හිරුණි තක්‌ෂිලාගේ මව දෙන විලාපය අහල ගම් හතක්‌ම හැඬවීමට සමත් විය. ඒ තරමටම මේ සිදුවීම අනුවේදනීය විය. හිරුණි තක්‌ෂිලාගේ මව වචන මුමුණමින් අපිට කියු කතාවයි මේ.

“අම්මේ මට ශිෂ්‍ය නායිකාවක්‌ වෙන්න ඕනේ කියලයි හැමදාම දුව හැමදාම කිව්වේ. එහෙම හීන දැක්‌ක දරුවාට මොකද්ද මේ කළ අපරාදේ. අනේ දෙවියනේ මගේ දරුවට මේ අපරාධය කරවූන්ට නම් හොඳක්‌ වෙන්න එපා. මගේ දරුවාට මේ අපරාධය වෙලා දවස්‌ ගානක්‌ ගිහිල්ලත් පොලිසියෙන් මගේ දරුවාට සාධාරණයක්‌ ඉෂ්ඨ කළේ නෑ. හරියට පොලිස්‌ පරීක්‌ෂණයක්‌වත් කළේ නෑ. අපි අපේ පාඩුවේ ජීවත් වෙච්ච අය. අපි කාටවත් කරදරයක කළේ නෑ. එහෙව් එකේ මගේ දරුවාට මේ අපරාධය කරේ ඇයි. අනේ දෙවියනේ මගේ දරුවාට මේ දේ කළ අයට වහා දඬුවම් දෙන්න ඕනේ. තවත් අම්මෙකුට මේ වගේ ගින්දරක්‌ නම් දෙන්න නම් ඉඩ තියන්න එපා”

පසුගිය 09 වන දින රාත්‍රියේ තිස්‌සමහාරාම මාගම ප්‍රදේශයේදී මියගිය 14 වියෑති හිරුණිකාගේ නිවස අසල සිටි ඇය සමග ප්‍රේම සබඳතාවක්‌ පැවැත් වූ බව කියන තරුණයකු තවත් දෙදෙනකු හා මත්පැන් පානය කර තිබේ. හිරුණිගේ නිවසේ අයද ඒ පිළිබඳව දැන සිට නැත. දැන සිටියද ඒ පිළිබඳව සැක සිතීමට තරම් හේතුවක්‌ද හිරුණිගේ දෙමාපියන්ට තිබී නැත. සියල්ල නින්දට යන වෙලාවේ සුපුරුදු පරිදි හිරුණිගේ පවුලේ අයද නින්දට ගියේ උදෑසනින් අවදි වීමේ අටියෙනි. ගමේ සියලු දෙනා නිදා ගත්තද හිරුණිගේ නිවස අසල මදුවිත තොල ගෑ හිරුණිගේ ප්‍රේමවන්තයා ඇතුළු තිදෙනා තව තවත් කළුවර ගලා එන තෙක්‌ නොඉවසිල්ලෙන් සිටි බව නම් පැහැදිලිය. රෑ බෝ වීමත් සමග අහල පහළ සතා සිව්පාවුන්ගේ හඬ ඇරෙන්නට වෙනත් හඬන් නොවීය. ඇති පදමට මදුවිත තොලගා සිටි මෙම තරුණයන් තිදෙනාගෙන් හිරුණිගේ පෙම්වතා බව කියන පුද්ගලයා හිරුණිගේ නිවස අසලට පැමිණ ඉගිබිගි පා කෙසේ හෝ හිරුණි නිවසින් එළියට ගෙන නිවසින් මදක්‌ එපිටට රැගෙන ගොස්‌ තිබේ. සිය පෙම්වතා පිළිබඳව කිසිදු බියක්‌ නොදැක්‌ වූ ඇයද ඔහු සමග යන්නට ඇති බව ඇය විසින් ලියා තිබූ ලිපියට අනුව වැටහේ. එසේ රැගෙන ගිය හිරුණිව කිසිදු හිතක්‌ පපුවක්‌ නැති මෙම කාමාතුරයන් තිදෙනාගේම ග්‍රහණයට හසු වී තිබේ. හොඳ හැටි මදුවිත සප්පායම් වී සිටී මේ තිදෙනා හිතු හිතු පරිදි මෙම දැරිය කෙළසා අලුයම වනවිට නැවත නිවසට ඇරලවා තිබේ. මම උන්ගෙන් බේරිලා එන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා” කියා ඇය ලිපියේ ලියා තිබුණි.

හිරුණිට මුහුණ දෙන්නට සිදු වූ මේ නුහුරු නුපුරුදු අත්දැකිමත් සමග ඇය මහත් කම්පාවට හා සිත් තැවුලට පත් වූවාය. ඒ අනුව පොතෙන් කොළයක්‌ කඩා තමන්ට අත් විදීමට සිදු වූ සියල්ල අකුරක්‌ නෑර ලිවීය. තවදුරටත් සමාජයට මුහුණ දිය නොහැකි වූ ඇය අවසන් තීරණයක්‌ ගත්තාය. ඒ අනුව ඇය නිවසේ තිබූ සාරි පොටක්‌ද රැගෙන නිවස පහළ ඇති කොහොඹ ගසක්‌ උඩට නැග ගෙල වැළලා ගත්තාය.මේ අවස්‌ථාවේදී ඇයගේ බාල සොහොයුරා නිවස පහළ ගවයන් බැලීමට යන අවස්‌ථාවේ සිය සහෝදරිය ගසේ එල්ලී සිටිනු දැක මේ පිළිබඳව දෙමාපියන්ට පවසා තිබේ.

දෙමාපියන් හා අසල්වැසියන් දිව විත් ඇය බේරාගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණි. ඒ අනුව දින පහක්‌ තිස්‌සේ හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 14 දින සවස මිය ගියාය.

මෙම අපරාධය සිදු කළ අයද තිස්‌සමහාරාම ප්‍රදේශයේම පදිංචි 19 හා 23 යන වයස්‌වල පසුවන තරුණයන් තිදෙනකි. මේ සාහසික අපරාධයට සම්බන්ධ පිරිස්‌ සොයා ගම්මුන්ද මුළු අවට ගම්මානද පීරන්නට විය. මේ සියලු සිද්ධීන් අතරේ පොලිසිය කෙරෙහිද කිසිදු විශ්වාසයද ගම්මුන්ගෙන් ගිලිහි ගොස්‌ තිබුණි. ගම්මුන් චෝදනා කළේ පොලිසිය මේ සිදුවීමේදී පක්‌ෂග්‍රාහිව කටයුතු කරන බවයි. ඒ කෙසේ වෙතත් මේ සිදුවීමට අදාළ තරුණයන් තිදෙනාද යාල කැලයේ සැගවී සිටියදී ගම්මුන්ගේ මැදිහත් වීමෙන් සොයා ගැණුනි. ගම්මුන් අතට පත් වූ මේ තරුණයන් තිදෙනාට හොදට සලකන්නටද ගම්මුන් අමතක කර නොතිබුණි. ගම්මුන්ගෙන් පහරකෑමට ලක්‌ වූ මෙම තරුණයන් තිදෙනා පොලිසියට භාරදී තිබුණේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය. ඒ අනුව වීරවිල පොලිසිය මගින් මෙම තරුණයන් තිදෙනා තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වන දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණි. බන්ධානාගාරගත කෙරුණු තරුණයන් තිදෙනාද ගම්මුන්ගේ පහරකෑමට ලක්‌ වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු විය. ඒ හේතුව නිසා තරුණයන් තිදෙනාද බන්ධනාගාර රැකවරණය යටතේ හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි.

මියගිය හිරුණිගේ නිසල දේහයද ඊයේ (15 දා) සවස ඇයගේ නිවසට ගෙන ආවේ ගම්මුන් සියලු දෙනාම හඬවමිනි. මේ මහා අපරාධයත් සමග තිස්‌සමහාරාම මාගම ප්‍රදේශයේ තවමත් අළුයට ගිනි මෙන් විටෙන් විට මේ පුවත උඩ එයි. සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලිසියද පොලිස්‌ පරීක්‌ෂණ ආරම්භ කර තිබේ. සිද්ධියට අදාළ සැකකරුවන්ද බන්ධනාගාරගත කර තිබේ.

මත්තල – දීලිප් එන් ජයසේකර, සුරියවැව – රෝෂාන් ගුණසේකර

Facebook Comments

more recommended stories

%d bloggers like this: