Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

රුපියල් 7500 ක වියදමින් ඉදිවුන ලංකාවේ පළවෙනි තොරණ “තොටලඟ තොර‍ණ” හැදුන හැටි..!

ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක්‌ පුණු පොහොය යෙදෙන අප්‍රේල් 29 වැනිදා සිට පුරා දින 10 ක්‌ මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබේ. තොරණ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 63 වැනි වරටය. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955 දී ප්‍රදර්ශනය කර තිබේ.

ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට්‌ පෙරේරා (විල්බට්‌ සිංඤෝ මහතායි. එම තොරණ සඳහා එදා ඒ මහතා රුපියල් 7500 ක්‌ වැයකර තිබිණි. එදා තොරණින් ප්‍රදර්ශනය කෙරුණේ මහා භද්‍ර කල්ප ජාතක කතා පුවත

එවකට තොරණේ චිත්‍ර ශිල්පියා හට විල්බට්‌ සිංඤෝ මහතා රුපියල් 2500 ක්‌ ලබාදී තිබේ. මෙම තොරණ ගැන වැඩිදුර තොරතුරු කියන්නට තොරණේ නිර්මාතෘ විල්බට්‌ සිංඤෝමහතාගේ පුතා වන එම්. ඒ. අනුර පෙරේරා මහතා අපි ඊයේ (27 වැනිදා) හමු වුණෙමු.

මුල් කාලයේ තාත්තා මේ තොරණට මුදල් වැය කළේ තමන්ගේ පෞද්ගලික මුදල්. එදා තාත්තට හොඳට මුදල් තිබුණා. ඉතිං තාත්තා බය නැතිව තොරණ සඳහා වියහියදම් කළා. අද තාත්තා ජීවතුන් අතර නැති වුණත් මේ තොරණ ප්‍රදර්ශනය කරන හැම වෙලාවෙම අපිට තාත්තාගේ සුවඳ දැනෙනවා.

තාත්තා වගේම මෑණියන් වන රානි විමලා පෙරේරා මහත්මියවත් නැසීගිය සහෝදර පිරිසගේ ගුණ සිහිපත් කරමින් තමයි මේ තොරණ ප්‍රදර්ශනය කරන්නේ.

එදා මෙදාතුර මේ තොරණ 63 වතාවක්‌ මහනජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා.මුල්ම තොරණ තුළින් මහා භද්‍රකල්පය ජාතක කතා වස්‌තුව ප්‍රදර්ශනය කෙරුණා. එදා තොරණේ උස අඩි අසූපහකි. විදුලි බුබුළු 35,000 කින් තොරණ ආලෝකවත් කෙරුණා. එදා මේ තොරණේ විදුලි ආලෝක ශිල්පියා වුණේ ආරියදාස මහත්මයා.

එදා මෙදා තුර මේ තොරණ බලන්න ලංකාවේ හතර දිග් භාගයෙන්ම ජනතාව ඇදි එනවා. මට හරි සතුටුයි. තාත්තාගේත් අම්මාගේත් සහෝදර පිරිසගේත් එදා මේ තොරතුරු වෙනුවෙන් මහත් සේ කැපවූ අද ජීවතුන් අතර නැති පිරිස්‌වලට ගුණ සිහිකරමින් අදටත් මේ තොරණ ප්‍රදර්ශනය කිරීම ගැන මා තුළ තියෙන්නේ කිව නොහැකි තරම් සතුටක්‌.

දැන් මේ වෙසක්‌ පෝය දවසේ 29 වැනිදා ඉඳන් ප්‍රදර්ශනය කරන තොටළඟ තොරණේ උස අඩි 60කි. පළල අඩි 60 කි. විදුලි බුබුළු 35,000 කට අධික ප්‍රමාණයකින් තොරණ ආලෝකවත් වෙනවා. තොටළඟ තොරණ බලන්න මේ සැරෙත් විශාල ජනකායක්‌ ඇදි එයි කියලා හිතනවා.