තත්පර 20ක ප්‍රමාදයකට ජපානයේ දුම්රිය සේවයක් සමාව ඉල්ලයි..! (PHOTO)

ටෝකියෝ අගනුවර සහ උතුරු නාගරික ප්‍රදේශය අතර සේවාවක යෙදෙන Tsukuba Express විදුලි දුම්රිය පසුගිය දා නියමිත වේලාවට තත්පර 20කට පසු Minami Nagareyama දුම්රිය පොලෙන් පිටත්ව තිබෙනවා.

පසුගිය 14 දින එම දුම්රිය ස්ථානයෙන් දුම්රියට පිටත්ව යාමට නියමිතව තිබුණේ 9:44:20 ට නමුත් එය පිටත්ව ඇත්තේ 9:44:40 ටයි. ඒ අනුව තත්පර 20කට පසු මෙම දුම්රිය පිටත්ව ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව “අපි අතිශයින් සමාවෙමු” යැයි Tsukuba Express සමාගම නිවේදනය කර තිබෙනවා.

එහෙත් මගීන්ගෙන් කිසිදු පැමිණිල්ලක් නොතිබුණු බවයි එම සමාගම සඳහන් කර ඇත්තේ.

ජපානයේ විශාල මගීන් සංඛ්‍යාවක් කෙටි කාලසීමාවක් තුළ එම මාර්ගවල දුම්රිය වැඩි ගණනක් ධාවනය කෙරෙයි.

එම නිවේදනය පහතින්
“On November 14, at approximately 9:44 a.m., a northbound Metropolitan Intercity Railway Company (main office in Tokyo, Chiyoda Ward, President & CEO Koichi Yugi) train left Minami Nagareyama Station roughly 20 seconds before than the time indicated on the timetable. We deeply apologize for the severe inconvenience imposed upon our customers.”

Tokyo station in Tokyo.
Facebook Comments

more recommended stories

%d bloggers like this: