සංචාරයේ යන්න අපේ රටේ හොඳම තැන් දෙකක් මෙන්න..! (PHOTO)

සංචාරයට හිතැති තරුණ ඔබ සැම වැඩිපුර තමන්ට නිවාඩුවක් ලැබුනම උත්සහ කරන්නෙම කොහේ හරි ලස්සන පැත්තක සංචාරය කරන්න. බොහෝ වෙලාවට ඒ සඳහා තෝරාගන්නේ කිසිවෙක් වැඩිය සංචාරය නොකල පැති. ඉතින් මේ කියන්න යන්නේ ඔබ යායුතු, ගිහින් ඇතිනම් නැවත වරක් යායුතු තැන් කිහිපයක් ගැන. හැබැයි මේ හැම තැනකම ඔබේ පා සටහන් තබා ආවාට කමක් නැහැ. හැබැයි කැලිකසල එහෙම දමා එන්නට සිතන්නටවත් එපා.

එරත්න පාරෙන් ශ්‍රීපාද වන්දනාව 

පළමු ස්ථානයට විස්තර කියන්න එරත්න පාරෙන් ශ්‍රීපාද වන්දනා කරන එක ගැන තෝරාගත්තේ, අතීතයේ බොහෝ අය අතර සංචාරයක් ආරම්භ කරනවා නම් ඒ ආරම්භ කලයුත්තේ ශ්‍රී පාදයෙන් බවට පවතින විශ්වාසය නිසයි. විශේෂයෙන් විනෝද සවාරියකටත් වඩා ආගමික සිද්ධස්ථානයක් වන්දනා කරනවා කියන හැගීම පෙරදැරි කරගෙන යායුතු මේ ගමනේ අප ඉගෙන ගතයුතු සහ ඉටු කලයුතු වත් පිළිවෙත් නම් බොහොමයි. අනික එරත්න පාරෙන් ගමනාන්තයට ලඟාවන්නට හැකි මේ සවාරියේ බොහෝ කොටසක් අපට ආවරණය කරන්නට වන්නේ පාගමනින් වීම අත්දැකීමේ සුන්දරත්වය වඩාත් ඔප්නංවන බව කිවහැකියි. එහෙත් හැටන් වගේ කඳු පඩි පෙළවල් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ තැනිතලා සහිත කුඩා උස්බිම්.

භක්තියත් විනෝදයත් එකට එකතුව මේ යන ගමන අපට විවිධ ස්ථාන වල නැවතී ගිමන් හැර නැවත ගමන් අරඹන්න ඇති හැකියාවත්, ඒ නවතින හැම තැනකටම ඓතිහාසික කතාවක් තිබීමත් නිසා ගමනේ වෙහෙස මේ සුන්දර අත්දැකීමෙන් වියැකී යන්නේ නොදැනීම.
තරණය කලයුතු කාලය : උදුවප් පොහොයේ [දෙසැම්බර් මාසයේ] සිට වෙසක් පොහොය [මැයි මාසය දක්වා] දක්වා වන්දනා කාලය සහිත වන නිසා ඒ කාලය අතර ශ්‍රීපාදය වන්දනාවට බොහෝ පිරිස පෙළඹෙනවා. ඔබ වන්දනා කරන්නට සිතාගෙන සිටිනවා නම් සිරිපා වාරයේ දී සවස කන්ද නගින්න පටන් ගෙන උදේ ඉර සේවය බලන්නට කඳුමුදුන කරුනාකරන්නට හැකිනම් වටිනවා
යනකොට ප්‍රථමාධාර කට්ටලයක් අරන් යන්න. හදිසියට සීතලට එන හිසරදයට ඔබට පහසුවක් වෙයි. කරුණා කරන අතර මඟ ඇති කඩවල් වලින් කන්න ගන්නට පෙර මිල විමසා සිටින්න. එය ඔබෙන් වැඩි මිලක් ලබා ගැනීම වලක්වාවී.

මීමුරේ – රාස්සගලේ නැගලා, තාලිකටේ නාගන්න.

නුවර මහියංගන පාරේ මහියංගනය පැත්තට ටික දුරක් ගියාම හමුවන හුන්නස්ගිරිය පාරේ නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කිලෝමීටර් 30 ක දුරකින් මීමුරේ ගම පිහිටලා තියෙනවා. නගරයේ දියුණුවෙන් නොඉඳුල් වූ ගමක් බලන්නට යන්නට නම් මී මුරේ කියන්නේ හොඳම තැනක්. ලකේගල සහ රාස්සගල කන්ද, ලංකාවේ පැරණිම මී ගහ, තාලිකට වගේ සුන්දර දිය කඳුරවල්, ඒවායින් පෝෂණය වන කුඹුරු සහ ඒ පැත්තට ආවේනික ආහාරපාන විශේෂයෙන් කිතුල් රා පානය ඔබේ අත්දැකීම තවත් සුන්දර කරාවි. තරණය කලයුතු කාලය : වසරේ එක් එක් කාලයන් වල මීමුරේ එක එක හැඩ ගන්නවා. ඒ නිසා මේ කොයිකාලේ ගියත් ඔබට පාඩුවක් වෙන එකක් නැහැ.

Facebook Comments
%d bloggers like this: