අපේ රට වටේ යන ගමන් පැළ හිටවන නියම කොල්ලෝ සෙට් එකක්..! (PHOTO)

Traveling trend එකක්ද? වෙන්න ඇති අපිත් ගොඩක් ඉස්සර ඉදන්ම ලංකාව වටේම ඇවිදිනවා හැබැයි ඔය travel කරන කිසි කෙනෙක් ගෙදරින් පැල උස්සගෙන ගිහින්, අමාරුවෙන් පරිස්සම් කරගෙන ඒ සංචාරය කරන තැන හිටවලා එයිද?

ලංකාවෙනම් එහෙම හිතන්නේ නෑ අරන් ගිය පොලිතින් , ප්ලාස්ටික් බෝතල් , ඉදුල් ටික එතනම දාලා එනවා මිසක් ….

අපේ සංචාරය වුන වේවැල්තලාව අතරතුර අපිට මුණගැසෙන  ලංකාවේ ප්‍රසිද්ධම දිය ඇල්ලක් වන යටියන්තොට සීපොත් පාරේ ඕලු ඇල්ල, නම කියපු ගමන් ඕන travel කරන ඔස්තාර් කෙනෙක් දන්නවා
හැබැයි ඔය ඔස්තාර්ලා ඕලු ඇල්ල විනාශ කරපුවගේ සාක්ෂි මේ පොස්ට් එකේම අන්තිම පින්තුර කිහිපයෙන් පෙනෙයි…

මාත් මගේ සහෝදරයත් එකතු වෙලා අපේම මහන්සියේ උස් මහත් කරපු කුඹුක් පැල ලොකු කට්ටක් කාලා උස්සගෙන ඇවිත් ඕලු ඇල්ල සමීපයේ රෝපණය කළා .අපිට හිතට ලොකු සැනසීමක් මොකද තව අවුරුදු ගානකින් සිදිලා යන්න තිබුන දිය ඇල්ලකට අපිත් වතුර ටිකක් දුන්නා වගේ .. සංචාරය කරන්න එන උබලගේත් අනාගත දරුවන්ගේත් හුස්ම ආරක්ෂා කරන්න දරපු උත්සහයක් වගේ …
තවත් කාලයක් ඕලු ඇල්ල ලස්සනට කඩා වැටෙයි මේ ගසුත් ලොකුවෙලා බලන්න එන උබලට හුස්ම දෙයි …

එකට කලගුණ සලකපන් බලන්න යන එවුන් වතුර පොඩ්ඩක් දාපන් එක අපි දෙන්නටත් කරන ලොකු ඇගයීමක් වගේ වෙන මොකුත්ම එපා අපිට.
ඔතනට වෙලා සෙල්ෆි,ෆොටෝ ගන්න වේලාවෙන් තප්පර කිහිපයක් දීලා පැලයකට වතුර ටිකක් දාපන් ඒක උබලත් ලොකු පිනක්. අපි එක්ක ගියපු අයත් හිතන්න ඇති මුන්ට පිස්සු කියලා එයාලා ෆොටෝ ගන්න අතරේ අපි දාගෙන වලවල් හාරනවා ගස් හිටවනවා.නමුත් කාටවත් වගක් නෑ මොකටද මුන් දෙන්නා ඔට්ටු වෙන්නේ කියලා ,එත් එයාලා දන්නේ නෑ අපි කරන්නේ උන්ගේ හුස්මට ආයෝජනයක් කියලා..

ලංකාවේ සංචාරය කරන්න යන ගොඩක් තැන් වල අපි දෙන්න එක්ක මේ වැඩේ කරලා තියෙනවා ඉතින් උබලත් පරිසරයට වගේම සංචාරයට ආදරෙයිනම් ඒ ස්ථානය රැක ගන්න අඩුම ගානේ ගහක් හිටවන්න බැරි උනත් ටොෆි කොලේ , බෝතලේ නොදා වරෙන් ඒ හොදටම ඇති.

අපේ කලින් වැඩසටහන අගය කරපු හැමෝටමත් බුකියේ අපේ වැඩ ගැන කියපු සිය ගානක් page වලටත් අපේ ප්‍රණාමය…

අපි දෙන්න එක්ක තනියෙන් දගලන දේට උබලත් කැමතිනම් සම්බන්ද වෙයන් මෙතනින්,  Hands For Green

 

ChathuRa Sandaruwan

Facebook Comments

more recommended stories

%d bloggers like this: