ඔබේ නිවසෙන් මෙවැනි සත්වයෙක් හමුවුනොත් වහාම රෝහල් ගතවෙන්න..!

Triatomine bugs එසේත් නොමැති නම් (කිසින් බග්ස්) ලෙස හඳුන්වන එම කෘමි විශේෂය දකුණු කැරලිනා, ඇලබාමා, ජෝර්ජියා සහ ටෙනිසී වැනි ප්‍රදේශ වල බහුලවම දැකගන්නට පුළුවන්.

රෝග පාලනය කිරීමේ සහ වැළක්වීමේ මධ්‍යස්ථානය පවසන පරිදි, මධ්‍යම සහ දකුණු ඇමරිකාව තුල මෙම රෝගී තත්වය වැළඳුනු පුද්ගලයින් මිලියන 8ක් පමණ වූ ප්‍රමාණයක් ජීවත් වෙනවා. අන්න එම නිසා තමයි සැවොම ඉන් ප්‍රවේසම් විය යුත්තේ.

මෙම සතා පෙනුමෙන් අහිංසක වුනත්, (ශාගා) ලෙස හඳුන්වන රෝගය ඇතිකරන Trypanosoma cruzi පරපෝෂිත වාහකයෙක් බව හොඳින් මතක තබාගන්න.

මිලියන 8ක් තරම් වූ පිරිසකට මෙම පරපෝෂිතයින් ආසාදනය වී තිඛෙනවා.

නමුත් රෝග පාලක සහ වැළක්වීමේ මධ්‍යස්ථානය පවසන පරිදි, මෙම සත්වයාගෙන් මිනිසෙකුට (ශාගා) රෝගය වැළඳීම සඳහා ඇත්තේ සීමිත ඉඩකඩක් පමණයි.

මොකද, එම රෝගය ව්‍යාප්ත වෙන්නේ එම කෘමියාගේ වසුරු වලිනි.

එම කෘමියා විසින් සිදුකරනු ලැබූ සැපුම් තුවාලයක් මත එම කෘමියාගේම වසුරු තවරුනොත් හෝ එසේත් නොමැති නම් ශරීරයේ පිටතට නිරාවරණය වී තිබෙන මුඛය සහ ඇස් වැනි ශරීර කොටස් හරහා වසුරු ශරීරගත් වුනොත් පමණයි මිනිසෙකුට ශාගා කියන රෝගී තත්වය වැළඳිය හැක්කේ.

මදුරුවන් වගේම, මෙම සත්වයින්ද පෝෂණය වන්නේ මිනිසාගේ රුධිරයෙනි.

නමුත් එම කෘමීන් නම් සපා කන්නේ මුහුණ පමණයි. මෙම මාරාන්තික සත්වයා සපාකෑ පසුව එම ස්ථානය කසන්නට ගන්නවා, ඉන් පසුව එම ස්ථානය කැසීම හේතුවෙන් රෝගකාරක විස්ගබීජය ශරීරගත වෙනවා.

එම සපාකෑමට ලක්වූ පුද්ගලයාට අසනීප ගතියක් නොදැනෙන නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පෙළඹෙන්නේ නැහැ.

නමුත් ඒ හේතුවෙන් ආසාදනය වූ පුද්ගලයින් අතරින් සියයට 30ක් තරම් වූ පිරිසකට හදවත් රෝගයන් ඇතිවීමට වැඩි හැකියාවක් තිඛෙනවා.

මෙවැනි සත්වයෙක් ඔබට හමුවූවා කියා ඔබ සිතනවානම්, අතින් ස්පර්ශ කිරීමට හෝ පොඩිකිරීමට උත්සහ නොකරන ලෙසයි රෝග පාලක හා වැළක්වීමේ මධ්‍යස්ථානය පවසා සිටින්නේ.

ඔබ කලයුතු වන්නේ යම් බඳුනකින් එම සත්වයා වසා, කෙසේ හෝ එම බඳුන තුලට රිංගවා ගෙන සත්වගේ අනන්‍යතාවය තහවූරු කරගැනීම සඳහා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවට හෝ විශ්ව විද්‍යාල විද්‍යාගාරයකට ලබාදීමයි.

මේ පණිවිඩය හැකිතාක් Share කර මිතුරන් දැනුවත් කරමු.

Facebook Comments

more recommended stories

%d bloggers like this: