අපේ රටේ ආධාර කපන්න ට්‍රම්ප් ගෙනා යෝජනාව සෙනට් සභාව විසි කරයි..! (VIDEO)

ශ්‍රී ලංකාවට ලබාදෙන අධාර පසුගිය වසරට සාපේක්ෂව 92%කින් කපා දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාව අමෙරිකාවේ සෙනෙට් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකාවට 2018 වසර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 43ක් ලබා දීමට පරිපූරක ඇස්තමේන්තුවක් පෙරේදා සෙනට් සභාවට ඉදිරිපත් කර තිබිණි.

ඉන් මිලියන 35ක් ආර්ථික සහයෝගීතා අරමුදලටත්, තව ත් මිලියන 6.8ක් ත්‍රස්තවාදය වැලැක්වීමටත්, ඉතිරි ලක්ෂ 5ක් විදේශ හමුදාමය කටයුතු සඳහාත් තව ත් එවැනිම ප්‍රමාණයක් හමුදා පුහුණුවීම් සඳහාත් යෙදවීමට මෙම ඇස්තමේන්තුවෙන් යොජනා වී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබුණේ මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් 92%ක් කපා දමන ලෙසයි.

එහෙත් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම්වන ආධාර ප්‍රමාණය එෆ් 35 ප්‍රහාරක යානයක් නිපදවීමට යන වියදමට වඩා අඩුබව පෙන්වා දෙන කොංග්‍රස් පක්ෂ සෙනට් සභික ටෙඩ් යෝහෝ පැවසූවේ, ලෝකයේ ඉතා වැදගත් මුහුදු මාර්ගයක පිහිටි මිත්‍රෙයකු වෙනුවෙන් එය සාධාරණ ආයෝජනයක් බවයි.
ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර කප්පාදු කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියේ පරතරයක් ඇති නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආර්ථික කවුන්සිලය පළමුවරට රැස්වෙයි..!

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපති සිරිසේන මහතා පත් කළ ජාතික ආර්ථික සභාව අද පළමුවරට රැස් විය.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ජාතික ආර්ථික සභාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ අමාත්‍යවරුන්වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් රැසක් ද සහභාගි වූහ.

දේශීය කෘෂී කර්මාන්තය හා කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් රටේ ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීම ජාතික ආර්ථික සභාවේ ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වාදී තිබේ.

විශේෂයෙන්ම දිළිඳුකම පිටුදකිමින්, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගතයුතු පියවර කඩිනමින් ක්‍රියාවට නැංවීම ජාතික ආර්ථික සභාවේ අරමුණ බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: