“සිල් රෙදි නඩු තීන්දුවෙන් සමස්ත රාජ්‍ය සේවයම කම්පා වෙලා..! – ගම්මන්පිල

සමස්ත රාජ්‍ය සේවයම කම්පාවට පත්වෙන මහාධිකරණ නඩු තීන්දුවක් අද(07) දිනයේ දී ලබා දුන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

“2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සන්දේස නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර සිල් රෙදි බෙදා දීමේ නඩු තීන්දුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව තුළින් මුළුමහත් රාජ්‍ය සේවයම කම්පාවට පත්ව ඇති බව පවසන ගම්මන්පිල මහතා ප්‍රමුඛතම මෙන්ම අවංකම රාජ්‍ය සේවකයෙක් ලෙස සිටි ලලිත් වීරතුංග මහතා වැරදිකරු බවට පත් කිරීම තුළින් මෙය සිදුව ඇති බව කියා සිටියේය.

මෙම නඩුවේ කිසිදු තැනක ලලිත් වීරතුංග මහතාට එරෙහිව චෝදනාවක් නොමැති බව ද පැවසු ගම්මන්පිල මහතා ලලිත් වීරතුංග වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අත්වෙන ඉරණම මෙය නම් අපේ ඉරණම කෙසේ වේවිදැයි රාජ්‍ය සේවකයෝ මේ වන විට බියෙන් පසු වන බවත්, මෙය සමස්ත පරිපාලන කේෂ්ත්‍රයම උඩු යටිකුරු කරන ලද තීරණයක් වන බවත් පැවසීය.

අදින් පසු ආණ්ඩුවේ ලිපි ගොනුවකට රාජ්‍ය සේවකයෙකුගෙන් අත්සනක් ලබා ගැනීම භයානක දෙයක් බවට පත් වෙනු ඇති බවත් ඉදිරියේදී නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය.

more recommended stories