Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

විරෝධාර රණවිරුවන් වෙනුවෙන් නව නිවාස හිමිකම් පත් ජනපති අතින්..!                 මත්ද්‍රව්‍ය මාෆියාව ගම්පහ ගිලගනී – පොලීසිය නිදි..!                 ජනපති මැදිහත්වීමෙන් වර්ජනය අවසන් – දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌..!                 අප්‍රිකානුවන් පරදා ලකුණු 178ක වාර්තාගත ජයක් අපේ සිංහ පැටව් ගත්තු හැටි මෙන්න..!                 යුදහමුදාවේ 100කට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක්..!                 දිවියන් කෑ බව කී සමනලවත්තේ දරුවා පැහැරගත්තේ දරුවාගේ මාමාද..? පොලිසය කරුණු රැසක් අනාවරණය කරගනී..!                 සැකකරුවෙක් ඝාතනයට ඉඩක් නෑ – යුධ හමුදා මේජර්ට මරණ දඬුවම දෙමින් විනිසුරු ඉලංචේලියන් කියයි..!                 රිදෙන්නේ ජනතාවටයි – ආණ්ඩුවට නොවෙයි                

තරුණියන්ට සමාජයේ මුහුණ දෙන්න වෙන දුකම කතාව සුන්දර ගීතයක් ලෙසින් මෙන්න..! (VIDEO)

අද අපිත් එක්ක මේ කතා බහට එක්වෙනවා ලංකාවේ යොවුන් පරපුරේ ජනප්‍රියම ගායිකාවක් වන උමාරියා සිංහවංශ… අපි කතා කරමු ඇයගේ අළුත් වැඩකටයුතු ගැන….

2018 උමාරියා අපිත් එක්ක එකතුවෙන්නේ මම මලක් නොවේ ගීතයත් එක්ක කොහොමද උමාරියා කාලෙකින් අළුත් වෙනසක් එක්ක මොකක්ද මේ මම මලක් නොවේ කියන්නේ..?

මම කරන්නේ අරුතක් ඇතී ගිත විතරයි ඇත්තටම මේ ගීතය ගැන කියනවා නම් මේක අද සමාජයේ ගැහැනු ළමයෙක්ට අත්විදින්න වෙන් ඒ කියන්නේ ඕනෑම ගෑනු ළමයෙක් ජිවිතයේ විදින්න වෙන අත්දැකිමක් ගැන කියවෙන ගීතයක් . අද ගොඩක් වෙලාවට ගෑනු ලමයින්ට එක එක වෙලාවදි එයාලා අසරණ වෙනවා. කාටවත් ඒ දෙවල් කියන්න බෑ. ඒ ගැන අහන්නේ නෑ ඇත්තම කියනවා නම් හරිම අසාධාරණයක් වෙනවා මේක මටත් එක්ක ඕනෑම ගැහැණූ ළමයෙක්ට සිදුවෙන්න පුළුවන් ඒ ගැන තමයි මම මේ ගීතයෙන් කථා කරන්නේ.

ඒ කියන්නේ උමාරියා මේ අර රැල්ලට යන ලංකාවේ මාර්කට් වෙන වර්ගයේ ගීතයක් නෙවෙයි..?

ඇත්තටම කිව්වොත් මම මේක කරේ කාන්ථාවන් වෙනුවෙන්මයි. මම මේකට හුගක් මහන්සි උනා වීඩියෝ එකට පවා මම මගේ උපරිමයෙන් හරියටම කියනවා නම් අද ලංකාවේ ගැහැනු ළමයි හරිම නරක විදියටනේ සිංදුවලට යොදා ගන්නේ මම කැමති නෑ ඒකට
අනික අද සමහර සිංදුවල තේරුමක් නෑ වීඩියෝ එක තේරුමක් නෑ…මගේ ජීවිතයම සංගීතය මම කන්නේ බොන්නේ මේ හැමදේම කරන්නේ සංගීතය එක්ක ඒක මගේ ඇගේම තියනා ඒක ලේ වලටම කා වැදිලා මට දැනෙන්නේ එහෙමයි. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් ඒත් අද ලංකාවේ සමහර අය මේක විනාශ කරලා තියෙන්නේ මට ඕනෑ නෑ එහෙම මට ඕනෑ සමජයට හොදම දෙයක් දෙන්න.

උමාරියා මේ සිංදුව ලිව්වේ කවුද..?

මේ ලිව්වේ වෙද්‍ය දුමින්ද හදපාන්ගොඩ , වෙද්‍ය දුමින්ද කියන්නේ ගොඩක් ප්‍ර වීණයන්ට සිංදු ලියන ගීත රචකයෙක් එයා මට කිව්වා සිංදුවක් මෙහෙම සිංදුවක් ලියන්න ඕනෑ කියලා ඊට පස්සේ එයා මට සිංදුවක් ගෙනල්ලා දුන්නා ඒක ආදරය ගැන කියවෙන සිංදුවක් මම ඒ වෙලාවේ කිව්වා මට ඕනෑ ගැහැණු ළමයි ගැහැණිය ගැන කියවෙන හොද අර්ථයක් තියන ගීතයක් කියලා ඒක කිව්වට පස්සේ වෛද්‍ය දුමින්ද හපුගොඩ මේ ලියලා දුන්නේ. ඒවගේම මේ සිංදුවේ මෙලඩි එක කරේ C.L ෆොන්සේකාගේ පුතා රොහාන් ෆොන්සේකා.

උමාරියා මේ සිදුවේ සමහර පද පේලි ඇහුවම මට හිතුන දෙයක් ඔබ කලින් කිව්වා වගේ ජීවිතයේ සමහර අත්දැකීම් තියනවා ගැහැණියකට ලෝකයට කියන්න බැරි කියලා ඒ වගේම ඔබත් අසරණ උන වෙලාවල් තියනවා ඒ හැමදේම මේ ගීතයෙන් කථා කරනවා කියලා…. ඒක ඇත්තද ? ඔබේ ජීවිතයේ අත්දැකීමක් නිසා මේ ගීතය මෙහෙම නිර්මාණය උනේ..?

ඇත්තටම කිව්වොත් මගේ ජිවිත අත්දැකීම් සම්බන්ධයි ගැලපෙනවා මේ ගීතයේ කථාවට මේ පද කීපය අහන්න

සඳට හොරා සඳ දිය ඉල්ලා – තටු සිඳී බිඳී ගොස් මාරුතයේ
බඹර හඳට රැවටී ඉකිබිඳ හැඬුවාට-  මම ලඳක් නොවේ
ගලක් වගේ රළු පිරිමින්ට…..
අපි කාටත් ජීවිතයේ යම් යම් තැන් වල වෙන සිදුවීම් තෝරගන්න වෙනවා මටත් එහෙම දෙයක් ජීවිතයේ උනා ඒ දේවල් තේරුම් ගියා සියල්ල නිවරදි වෙලා දැන්. මම ලදක් නොවේ ගලක් වගේ රළු පිරිමින්ට  ඒ අර්ථයෙන්ම මේ ගීතය දැනෙනවා මගේ ජීවිතයටත්. හැමදේම 2018 අළුතින් ආරම්භ වේවි.

උමාරියා මේ ගීතයේ රූපරචනාවත් විශේෂයි නේද ?

මම කැමති නෑ ලංකාවේ සමහර අය වගේ කාන්තාවගේ නිරුත පෙන්වන්න නෙවෙයි ලංකාවේ ගොඩක් ගැහැනු ළමයි ඉන්නවා අසරණතාවයට පත්වෙලා ඒ අය වෙනුවෙන්ම විශේෂ රූපරචනයක් එක් කලා ගීතයට මොකද මේ ගිතයේ කථාව මගේ ජීවිතයේ අත්දැකිමක් නිසා. අනික මට ඕනෑ නැ නිරුවත පෙන්නලා ජනප්‍රිය වෙන්න. අනික මේක YouTube Viwes ගන්නවත් ඕනෑ නෑ. සමාජයට පණිඩිඩයක් දෙන්න මේ වෙලාව හොදම වෙලා කියලා හිතුවේ සිංදුව කරන්න..

 

https://www.youtube.com/watch?v=zv-4-zzjvTE&feature=youtu.be