කාසියේ වාසිය ගැන වීඩියෝවට ඇහෙන දේ බොරුලු – තරංගත් ඉන්දියාව පැත්තේ..!

පසුගියදා ඉන්දියාවට ජය ගෙනදෙමින් නිමාවූ විස්සයි විස්ස තරඟයේදී කාසිය වාසිය සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුණා. එහිදී කියැවුණේ කාසිය වාසිය ශ්‍රී ලංකාව දිනා තිබුණත් වැරදීමකින් එය ඉන්දියාව ජයගත් බවට ප්‍රකාශ වුණු බවයි.

කාසිය වාසිය උරගා බලන අවස්ථාවෙදී මේ පිළිබඳව සැක මතුකරන අයුරින් විනිසුරුවරයා හැසිරීමද කාගෙත් කතාබහට ලක්වුණා. කෙසේ නමුත් මේ වනවිට උපුල් තරංග විසින් පවසා ඇත්තේ විවිධ මාධ්‍ය වාර්තාවල දැක්වෙන ලෙසින් එම අවස්ථාවේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට නොලැබුණු බවයි.

ඉන්දීය මාධ්‍ය විසින් වාර්තාකර තිබූ පුවත වැරදි බවත් එය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිද වාර්තා කර තිබූ ලෙසින් කිසිදු වැරැද්දක් කාසියේ වාසිය උරගා බලන අවස්ථාවෙදී සිදු නොවූ බව තරංග වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

ඊයේ මැච් එකේ ටොස් එක වැටිලා තියෙන්නේ ලංකාවට, නිවේදක කාර්තික් කරපු බලු වැඩේ මෙන්න..! (VIDEO)

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පැවති එක්දින තරඟාවලිය මෙන්ම ඊයේ පැවති විස්සයි විස්ස තරගයෙනුත් ජයගත්තේ ඉන්දියාව. ඊයේ වැස්ස ඇදහැලුනත් පරක්කුවෙලා පටන් ගත්තු විස්සයි විස්ස තරගයත් ජය ගත්තේ ඉන්දියාව. මේ තරඟය ජයග්‍රහණය කරන්න විශාලම හේතුව වුණේ කාසිය වාසිය ඉන්දියාවට හිමි වීම බවයි ක්‍රිකට් විස්තර විචාරකයන් සඳහන් කර සිටියේ. මොකද වැස්ස ඇදහැලීමත් එක්ක ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වාසිය තියෙන්නේ දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට.

ඉන්දියාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා වෙබ් අඩවියක් විශාල හෙළිදරව්වක් කරමින් ඊයේ විස්සයි විස්ස තරගය ඉන්දියාව ජය ගැනීම පිළිබඳව සඳහන් කර තිබෙනවා. ඒ කාසියේ වාසිය ගැන ලොකු රහසක් හෙළි කරමින්. එය වීඩියෝවක් මඟින් සනාථ වෙනවා. ඇත්තටම එක බරපතල වැරැද්දක්. මුරලි කාර්තික් කියන හිටපු ඉන්දියානු ක්‍රීඩකයා එළිපිට මහා විශාල වැරැද්දක් කර තිබෙනවා.

මෙහෙමයි මේක වෙන්නෙ..!

කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ නිවේදක කටයුත්තේ ඉන්නේ ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයෙක් වන මුරලි කාර්තික්. උපුල් තරංග සහ විරාට් කෝලිට එහා පැත්තෙන් ඉන්නේ තරග තීරකවරයා.

ටොස් එක තරංග දානවත් එක්කම හෙඩ් කියලා විරාට් කෝලි කියනව. ඒ කියන්නේ ඔහු හෙඩ් තමා ඉල්ලුවේ. කාසිය රෝල් වෙලා පොඩ්ඩක් එහාට යන නිසා තරග තීරක කාසිය වැටුණු පැත්තට ගිහින් කියනවා වැටුණේ ටේල් කියලා. ඒ කියන්නේ කෝලි ඉල්ලපු එක නෙමේ…කෝලි ටොස් එක පරදිනවා.

ඒත් නිවේදක මුරලි කාර්තික් කියන හිටපු ඉන්දියානු ක්‍රීඩකයා මේක හෙඩ් බව දැනගෙනම චේතාන්විතව (අත් වැරදීමක් වෙන්න බෑ.. ) මයික් එක විරාත් කෝලි ළඟට ගිහින් අහනවා දැන් ඔබගේ තීරණය කුමක්ද කියලා. විරාත් කෝලි කියනවා ප්‍රථමයෙන් පන්දු යවනවා කියලා. නමුත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග ඒ ගැන ලොකු අවධානයකින් ඉන්නෙත් නෑ..ඒ නිසා ඔහුට ගානක් වෙන්නේ නෑ.

තරග තීරක ඇන්ඩ්ය් ඵ්ය්cරොෆ්ට් මේක නිවැරදි කරන්න මුකුත් කිව්වෙත් නැහැ. නමුත් පහත තියෙන වීඩියෝ එක බැලුවම ඔයාලට බලන්න පුළුවන් ඇන්ඩ්ය් ඵ්ය්cරොෆ්ට් කියන්නේ “ටේල්” කියලා. වීඩියෝව හොඳින් බලන්න.

අනිවාර්යයෙන්ම මේක ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණය කල යුතුයි. ඒත් ඉතින් අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්නේ ඉන්දියාවේ අත යට නිසා ඒක වෙයිද කියන්න බෑ..!

වීඩියෝව පහතින්,

more recommended stories