ගහකොළ-සතා සීපාවා වෙනුවෙන්, වැදි තරුණියක් දේශපාලන සටනට..!

මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා මහියංගණය, දඹාන වැදි ජනතාව වෙනුවෙන් හේනානිගල වැදි පරපුරේ තරුණියක් තරග වදින බවත් ඉදිරියේ පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් රට පුරා සිටින වැදි ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුව නියෝජනය වන පරිදි තම වැදි පරපුර වෙනුවෙන් හඬක් නැඟීමට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් දඹාන වැදි නායක උෟරුවරිගේ වන්නියලැත්තන් කියයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“මෙතෙක් කල් පැවැති සහ වර්තමාන දේශපාලන ක්‍රමය තුළින් වැදි ජනතාවගේ අයිතිවාසිකම් සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණදීමට සිදුවූ විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් ලැබුණේ නැහැ. පළාත් පාලන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනය වන පරිදි ඉදිරියේදී තම වරිගයේ ඇත්තන් ඒ ස්ථානවලට යැවීමට තීරණය කර තිබෙනවා.

එසේ කිරීමට හේතු වන්නේ ලෝකයේ සිටින ආදිවාසීන් තම වරිගයේ ඇත්තෝ එදා මෙදා කාලය තුළ දෛනික ජීවිකාව සරිකර ගත්තේ පරිසරය තුළින්ය. නමුත් වර්තමානයේ රටේ නීතිරීති ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට සහ වනාන්තරයට ආදරය කරන තම වරිගයාට නීති දමා තිබිණි. වෙනත් පුද්ගලයන් හට රිසි පරිදි වනාන්තර සහ ගහකොළ සතා සිවුපාවා විනාශ කිරීමට ඉඩ දී ඇති බවත්ය.

මේ සිදුවීම් තමන්ට ලෝකයට කියන්නට අවස්ථාවක් සහ මෙම ක්‍රමවේදය වහා නැවැත්විය යුතු කාලය එළැඹ ඇති බැවින් ඒ සඳහා වහා පිළියම් නොකර සිටීමෙන් ගහකොළ සතා සිවුපාවා පමණක් නොවේ දෙපා සතාවත් විනාශවීමට ඉඩ තිබෙන බවත් වර්තමානයේ දේශපාලකයන් ඇතුළු නිලධාරීන් ඒ ව්‍යසනය වැළැක්වීමට කටයුතු නොකර සිටීම කනගාටුවට කරුණක් බැවින් ඒ සඳහා තම වරිගයා ගම පළාත, දිස්ත්‍රික්කය නියෝජනය වන පරිදි ඉදිරිපත් කිරීමටත් එසේ කිරීමෙන් රජයේ වගකිව යුත්තන් හමුවේ සහ රටේ ජනතාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමත් කරුණු දැක්වීමත් අත්‍යවශ්‍ය බැවින් එසේ කිරීම තුළින් ලංකාවේ සිටින සියලු ආදිවාසී ජනතාව ලෙස ලබන විශාල ජයග්‍රහණයක් බවත් ආදිවාසී නායක ඇත්තන් වැඩිදුරටත් පැවැසීය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: