නාරාහේන්පිට කොල්ලො එක්ක විරාත් කෝලි ක්‍රිකට් ගහපු හැටි මෙන්න..! (VIDEO)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ, නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක් අසළ මාර්ගයක ළමුන් පිරිසක් සමඟ විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙන ආකාරයේ දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙනුයි මෙලෙස අවධානය යොමුව ඇත්තේ.

පසුගියදා නිමාවූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අතර විරාත් කොලිගේ මෙම ඡායාරූපය කිසියම් අයෙක් විසින් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ නිමවූ තරඟාවලියේදී විරාත් කොලිගේ දක්ෂතා ඉහළම මට්ටමක පැවති අතර විරාත් කෝලි මේ වන විට ජාත්‍යන්තර එක් දින සහ විස්සයි විස්ස පිතිකරුවන් ශේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටිනවා. ටෙස්ට් තරඟ වලදී ඔහුගේ පිතිකරණයේ සාමාන්‍ය 49.55ක් වන අතර එක් දින සහ විස්සයි විස්ස තරඟ වලදී පිතිකරණයේ සාමාන්‍ය අගය 50ට වැඩි අගයක් ලෙස පවත්වාගෙන  යාමට ඔහු සමත්ව තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවට අත්වුයේ 9 – 0 ක පරාජයකි. මෙය ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායම් ලද දැවැන්තම පරාජය ශ්‍රී ලංකාව නමින් ලියවෙද්දී, ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්තම ජය ලෙස ඉන්දියාව හමුවේ ලියවුනි.ටෙස්ට් තරඟ 3 ක්, එක්දින තරඟ 5 ක් සහ විස්සයි විස්ස තරඟය පරාජය වීමෙන් ශ්‍රී ලංකාව ඉතාමත් අසීරු තත්වයකට වැටුනේ, 2019 දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එංගලන්තය සමග පැවැත්වෙන තරඟාවලිය පරාජය වනතුරු බලා සිටීමට සිදුවී ඇත.

ශ්‍රී ලංකා ඉන්දීය සම්පූර්ණ තරගාවලිය අවසානයේ නැවත ඉන්දියාවට ගිය විරාත් කෝලී සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පළ කල ඡායාරූපයක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් අතර කතා බහට ලක් වූවා. එහිදි දැක්වූයේ විරාත් කෝලී ශාරීරික සුවවතා මධ්‍යස්ථානයකට (ජිම්) වී ව්‍යායාම කරනු අයුරුයි. කෝලීගේ මෙම කැපවීම සමාජජාලා මාධ්‍යවලදී ශ්‍රී ලාංකේය රසිකයන් අතර ප්‍රශංසාවට ලක්ව තිබුනා.

පසුගිය සම‍යේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට රසිකයන්ගෙන් හා හිටපු ක්‍රීඩකයන් ඇතුලු පිරිසෙන් විවිධ චෝදනා එල්ල වූවා .
එම චෝදනා අතර ක්‍රීඩකයන්ගේ කැපවීම හා උත්සාහය අවම යැයිද සදහන් වූවා. නිරෝෂන් දික්වැල්ල යනු මෙලෙස රසිකයන්ගෙන් හා නිළධාරීන්ගෙන් චෝදනා එල්ල වු ක්‍රීඩකයන් අතර ප්‍රමුඛ ක්‍රීඩකයෙක්.
කෙසේ වෙතත් ඉන්පසුව නිරෝෂන් දික්වැල්ලද සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට අපූරූ ඡායාරූපයක් එක්කර තිබෙනවා.
ඒ ඊයේ දිනයේ , එහිදි දැක්වෙන්නේ දික්වැල්ල ජිම් එකකට ගොස් සිටින අයුරුයි.නි‍රෝෂන් දික්වැල්ල ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පළකල එම ඡායාරූපය පහතින්,

පිට පිට ලෝක කුසලාන තරඟාවලි 5 ක අවසන් මහා තරඟයට සුදුසුකම් ලද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් 4ක් පරාජය වූ අතර අවසාන වශයෙන් විස්සයි විස්ස ලෝක කුසලානයේ හිමි කරගත්තේ, ආසියාවේ පමණක් නොව, ලොව ඇති ප්‍රභලම කණ්ඩායම් එනම් නොවැටෙන ශක්තිමත් කණ්ඩායමක් ලෙස ලොවටම විදහා පාමිනි.එසේ තිබු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට අද අත්වි ඇති ඉරණම ඛේදනීයය. එක්දින ශ්‍රේණි ගත කිරීම වල දෙවන ස්ථානය සිටින ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව 5 – 0 ලෙස පරාජය වීම මොහොතකට සාදාරනි කරණය කරමු. මන්ද අපි එක්දින ශ්‍රේණි ගත කිරීම් වල දැන් සිටින්නේ හත්වන ස්ථානයේ නිසා. නමුත් අපට පිටුපසින් හිටපු බංගලාදේශය හමුවේ අපි එක්දින තරඟාවලිය 1 -1 ලෙස සම ලෙස නිම කිරීම සහ, අපට පිටුපසින් සිටින සිම්බාබ්වේ කණ්ඩායමට එරහිව 2 -1 ලෙස පරාජය වීම අපේ ක්‍රිකට් වල තිබෙන අර්බුධය ගැන මනාව ඔප්පු කරන සාදකයකි.

more recommended stories