දරුවාගේ ඇස් වල මෙම ලක්ෂණ දිස් වෙනවානම් ජීවිතය අනතුරේ..!

දෙමව්පියන් අතරින් සියයට 48ක් තරම් වූ පිරිසක් මෙම රෝගී ලක්ෂණය දුටුවත්, ඔවුන් සිතන්නේ එය චායාරූපයේ දෝෂයක් බවයි.

මෙය ජීවිතය සහ මරණය තීරණය කරන අතිශය වැදගත් කරුණක් නිසා, මෙම තත්වය පිළිබඳව සැවොම දැනුවත් විය යුතුයි.

අවුරුදු 3ක කුඩා පිරිමි දරුවෙකුගේ උඩු කය චායාරූපයක මෙම ලක්ෂණය වඩාත් හොඳින් සටහන් වී තිබුනා.

එම චායාරූපයේ දකුණු ඇසේ කළු ඉංගිරියාවේ අමුතු දිලිසුම චායාරූපයේ දෝෂයක් බව තමයි ඔහුගේ මව සිතුවේ.

නමුත් නැන්දනියට නම් ඒ පිළිබඳව සැකයක් ඇතිව තිබුණු අතර, ඇය දරුවා අක්ෂි විශේෂඥයෙකු වෙත රැගෙන ගොස් තිඛෙනවා.

එහිදී අක්ෂි වෛද්‍යවරයා සිදු කරනු ලැබූ පර්යේෂණ වලදී, දරුවාට දරුණු රෝගී තත්වයක් වැළදී ඇතිබව හෙළිවුණා.

එම දරුවාට වැළදී තිබුනේ “retinoblastoma” කියන රෝගී තත්වයයි. එම රෝගයෙන් ඇස් දෙකම ආසාදනයට ලක්වී තිඛෙනවා.

 

පසුව මාස 4ක් පුරාවට රසායනික චිකිත්සාව සිදුකිරීමෙන් අනතුරුව දකුණු ඇසේ තිබුණු ටියුමර් (පටකවල අසාමාන්‍ය වැවීම) එක අඩුවී ගොස් තිබුණු අතර වම් ඇසේ තිබුණු කුඩා ටියුමර් එකද අඩුවී ගොස් තිඛෙනවා.

එම නැන්දනියට ස්තුතිවන්ත වෙන්න දරුවාගේ ජීවිතය බේරුනත්, අවාසනවාකට දකුණු ඇස අන්දවී තිඛෙනවා.

අවවාදයයි – ෆ්ලෑෂ් ක්‍රියාත්මක කොට චායාරූප ගැනීමේදී ඔබේ දරුවාගේ සංවේදී ඇස් වලට හානි වෙන්ට පුළුවන් එම නිසා.ඉතාමත්ම ආසන්නයේ සිට ෆ්ලෑෂ් ක්‍රියාත්මක කොට චායාරූප ගැනීමෙන් වලකින්න. අඩි 10ක් හෝ 15ක් තරම් දුරකින් සිට චායාරූප ලබාගත්තාට වරදක් නැහැ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: