වැලිකඩ ඝාතන ගැන ප්‍රශ්න කිරීමට ගෝඨාභය සීඅයිඩීයට..!

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු ඝාතනය කළ බව කියන සිද්ධියට හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා කෙළින්ම සම්බන්ධ බවට හිටපු හමුදාපතිෆීල්ඩ් මාර්ෂල් සරත්න්සේ ෆොන්සේකා මහතා විසින් චෝදනා කර තිබිණි.

ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්‌ ඇති වූ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරවලින් එවකට සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ඇතුළු පොලිස්‌ නිලධාරීහු කීපදෙනෙක්‌ තුවාල ලැබූහ.

මෙම සිද්ධියෙන් සහ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා කණ්‌ඩායමක නම් ලැයිස්‌තුවකට අනුව රැඳවියන් තෝරාගෙන ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේ ප්‍රධාන සාක්‍ෂිකරු වූ සුරේෂ් නන්දිමාල් මහතාගේ මොරටුවේ පිහිටි නිවසට නාඳුනන පිරිසක්‌ විසින් පසුගියදා වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.

වැලිකඩ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ නිලධාරීන් පිරිසකට අද හෙටම දැනුම් දීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

(හේමන්ත රන්දුණු)

2012 වැලිකඩ සමූල මිනිස් ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි ප්‍ර‍හාරයක්..! (VIDEO)

2012 රාජපක්ෂ පාලන සමයේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11 ට පමණ වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වී ඇත. ඔහු ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන රහස් පොලිස් පරීක්ෂණයකට දවල් කාලයේ සහභාගීවී රාත්‍රී මෙම සිදුවීම සිදුව ඇත.

වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරුවු සුදේෂ් නන්දිමාල්ගේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන්නේ මෙම සුදේෂ් නන්දිමාල් නැමැත්තාය.

නිවසේ ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි බවත්, සිද්ධිය වන විට නන්දිමාල් මහතා නිවසේ නිදා සිට ඇති බවත් වාර්තා විය. වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂකරුට ජීවිත ආරක්ෂාව සලසන ලෙසත්, දැනට සේවයේ නිරත සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යෙ ඉල්ලා තිබී ඇත.

ඔහු ඝාතනය කිරීමේ උත්සාහයක් මින් ඉහත පැවති අතර ඒ පිළිබද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ යොමු කර තිබූ පැමිණිල්ල සැප්. 5 (ඊයේ) පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ඒකකයේ දී පැවැත්වා එයට සාක්ෂි දී පැමිණි නන්දලාල් නිවසේ නිදා ගෙන සිටිය දී රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

2012 නොවැම්බර් මස 11 දින වැලිකඩ බන්ධනාගාරයේ දී, නම් ලැයිස්තුවක් රැගෙන ආ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඉහළ නිලධාරියෙකුගේ නියෝග මත තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මෙම සිද්ධිය ඇසින් දුටු පිරිස් ඒ බව සිය නීතිඥයින්ට හා ඥාතීන්ට දැනුම් දී ඇත. නන්දිමාල් මහතා එම සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු වේ. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය මේ පිළිබද තොරුතුරු දිගින් දිගටම අනාවරණය කරනු ලැබීය. නන්දිමාල් මහතා පුවත්පත් සාකච්ඡා, උද්ඝෝෂණ සංවිධානය කරමින් ද, ආරක්ෂක අංශ වෙත සාක්ෂි දෙමින් ද, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නම් ගම් සහිතව හෙළිදරව්වක් සිදු කර ඇත.

වැඩ තහනමට ලක්වී සිටි නන්දිමාල් ට පසුගිය දා සේවයේ පිහිටවනු ලැබීය. දුම්රිය ප්‍ර‍ධාන ඉංජිනේරු නිලන්ත ප්‍ර‍නාන්දු විසින් ඔහු පළමුව මහනුවර මාරු කරුනු ලැබීය. මහනුවර දී ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට සැක මතුව තිබු බැවින් නන්දිමාල් මහනුවර සේවයට වාර්තා කළේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු “අපේ ආරක්ෂක ලේකම් (ගෝඨාභය රාජපක්ෂ) හිරේ යවන්න හදනවා. තමුසෙට හිරකරුවන් මැරුණාට මොකද..? යැයි තමාට තර්ජනය කළ බව නන්දිමාල් විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ පැමිණිලි කොට තිබුණි.

මෙම පැමිණිල්ලෙන් පසුව නන්දිමාල් කොළඹ දුම්රිය අංගනයක සේවයට යෙදවූ අතර ඔහුට එහි ද ආරක්ෂාවක් නොමැති බව පවසමින් අභියාචනයක් ඉදිරිපත් කොට තිබුණි.මේ පිළිබද විමර්ශනයකින් පසුව, පසුගිය සතියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නන්දිමාල් ඔහුගේ පැරණි සේවා ස්ථානය වන ‘මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ‘ සේවයේ යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

වසර 5 කට ආසන්න කාලයක් රජය වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැත. නන්දිමාල් මහතා විසින් අභියාචනාධිකරණයට වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘රිට් පෙත්සම‘ සැප්. 12 දින විභාගය ගැනීමට නියමිතය.

නන්දිමාල් මහතා මෙම සිදුවීම පිළිබද පැවැත්වූ සම්පුර්ණ මාධ්‍යය සාකච්ජාව පහත විඩියෝවෙන්,

Facebook Comments

more recommended stories

%d bloggers like this: