Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

චන්දිමාල්ගෙන් හුදකලා සටනක් – කොදෙව්වන් තරගයේ වැඩි වාසි දිනා ගත්තේ මෙහෙමයි..!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට තරගයේ සියලුම වාසි අත් කරගත් කොදෙව්වන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් සිටියේය.

තෙවෙනි දිනය සදහා ඊයේ (08)  තරගය නතර කරනවිට සිය දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් රැස්කර සිටියේය. නොදැවි පන්දුවට පහර දෙන කිරන් වවෙල් ලකුණු 65ක් සහ ශේන් ඩොරිච් ලකුණු 11ක් ලබා සිටියේය.

කොදෙව්වන් මුල් ඉනිමට ලබා ගත් ලකුණු 414ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 181ක් පමණි. එහිදි සාර්ථක වූ එකම පිතිකරුවා වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 44ක් රැස් කළේය. සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 44 කට දවාගැනීමට සමත් වූයේ ෂැනෝන් ගේබි්‍රයෙල් ය. රොස්ටන් චේස් අතට උඩපන්දුවක් දෙමින් චන්දිමාල් දැවීයන විට නිරෝෂන් දික්වැල්ල සමගින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබුණි.

මේ වන විට කොදෙව්වන් කඩුලු හයක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් සිටිමින් තරගයේ සියලූම ගෞරව අත්කරගෙන සිටි.