වනජිවී සමහර ලොක්කෝ බුදියන කොට ෆීල්ඩ් එකේ වැඩකරන කොල්ලෝ කන කට්ට මෙන්න..! (PHOTO)

“වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆීල්ඩ් එකේ කොල්ලො කන කට්ට තමයි මේ…

පැය 24 රාජකාරි…හැබැයි ඒ වෙනුවෙන් නිසි ගෙවීම් නෑ…ඉන්දන වලට අතින් වියදම් කරගෙන මුර සංචාර යන්නෙ…
නිළ ඇඳුමක් නෑ…අඩුම ගාණේ වැස්සට රේන් කෝට් එකක් නෑ…කැලේට දාන්න සපත්තු දෙකක් නෑ…

ඒත් මේ දේවල් මෙහෙම වෙනකොට දෙපාර්තමේන්තුවේ පරිපාලනය ,
කැලේ වැලි අදින්න,පස් කපන්න, ගල් කඩන්න අවසර දීලා ජාවාරම්කරුවන්ගෙන් සල්ලි ගන්නවා.. ජාතික උද්‍යාන වල ටිකට් එකෙන් වංචා කරලා සල්ලි ගන්නවා..අලි හොරුන්ට අලි දීලා සල්ලි ගන්නවා. පොඩි ගණන් නෙවෙයි, මිලියන ගණනින් ..ඒ හැම සතයක්ම අයිති මේ සතා සීපාවා වෙනුවෙන් කැපවෙන ,ආදරේ කරන මිනිස්සුන්ට ..වැඩිපුර පුර සංචාර යන්න, වාහනයක් ගන්න, සතෙකුට බෙහෙත් ටිකක්, වැඩ කරන කොල්ලන්ට අඩුම ගාණේ වතුර බෝත්ලයක් අරං දෙන්න තියෙන සල්ලි තමයි පරිපාලනයේ සීමිත පිරිසක් තමන්ගෙ පුද්ගලික අරමුණු වෙනුවෙන් යොදාගෙන තියෙන්නේ ….

අපේ සටන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත පරිපාලනයට එරෙහිව මිසක් මේ කොල්ලන්ට එරෙහිව නෙවෙයි .. වනජීවිය විකුණගෙන කන්න පිඹුරුපත් හදන දූෂිතයන්ට රිදිලා.. ඔව් අපි දන්නවා හොරුන්ට රිදෙනව කියලා .. රිද්දලා විතරක් නෙවෙයි වට්ටලා තමයි නවත්තන්නේ….

අපි හිටගෙන ඉන්න කඳවුර මොකක්ද කියලා ඇත්තටම වනජීවියට ආදරේ කරන උන් දන්නවා.
මොකද මේ රටේ සම්පත් අයිති ඒවා රකින්න උත්සාහ කරන උන්ට මිසක් , ඒවා විනාශ කරන්න හදන උන්ට නෙවෙයි..

අනිත් එක අපි මෙහෙම වනජීවී දෙපාර්තුමේන්තුවේ ඉහල පරිපාලනය හරි මගට ගන්න උත්සහ කරන කොට ඒ අස්සේ ඉන්න සමහර ලොක්කෝ වෙන වෙන ගේම් ගහන බවත් අපි දන්නවා.. පහල තනතුරුවල ඉන්න වැඩ කරන කොල්ලෝ අල්ලගෙන උන්ටත් කෙප්ප කියලා තව් දුරටත් ලොක්කෝ හොරකම් කරන්න, සැප විඳින්න ලෑස්තිවෙනවනම් ඒවාට විරුද්ධව ඒ කොල්ලෝම නැගී සිටීමට පටන් අරගෙන තියෙන්නේ..මේ කියන්නේ ලොක්කෝ සෑම දෙනෙක් ගැනමයි නෙමෙයි..අපි ළන්නග තියෙන සාක්ෂි එක්කම දානාව ළඟදිම..එතකොට ඔය හොරෙන් හොරෙන් ගේම් ගහන වනජිවීයේ සමහර ලොක්කන්ට ගොඩක් රිදෙයි ඈ..!

Facebook Comments

more recommended stories

%d bloggers like this: