විල්පත්තු වන සංහාරක රිෂාඩ්ට නීතිමය උපදෙස් සපයන්නේ වන සංරක්ෂන දෙපාර්තුමේන්තුවද..? (VIDEO)

වන සංරක්ෂක ජනරාල්වරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් විල්පත්තුව සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (04) එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඔවුන් එහිදී ප්‍රකාශ කළේ විල්පත්තුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පසුගියදා එළිදැක්වූ වාර්තාවට අනුව වන සංරක්ෂක ජනරාල්වරයාට එම ධුරය දැරිය නොහැකි බවයි.

උද්ඝෝෂණය අතරතුර විරෝධතාකරුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලිසිය ඊට බාධා සිදුකළා. ඒ සඳහා විශාල ජල බවුසර් රථද එම ස්ථානයට ගෙනවිත් තිබූ අතර, පාර්ලිමේන්තුව දෙසින් කැරළි මර්දන කණ්ඩායම් ඇතුලත් බස් රථයක්ද ගාල් කර තැබුනා.

කෙසේ වෙතත්, පසුව නියෝජිතයින් 05 දෙනෙකුට දෙපාර්තමේන්තුව වෙත ඇතුළුවීමට අවසරය හිමි වූ අතර, වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ එහි නොපැමිණීම හේතුවෙන් එම නියෝජිතයින් හමුවී සාකච්ඡා කරනු ලැබුවේ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂක මහින්ද සෙනෙවිරත්නයි.

රිෂාඩ් බඩුයිදීන්ට විල්පත්තු සංහාරය සිදුකිරීමට අදාලව වන සංරක්ෂණ ජනරාල්වරයාගේ පූර්ණ අනුදැනුම ඇතිව අත්සන් කරනු ලැබුවේ මෙම මහින්ද සෙනෙවිරත්නයි.

මෙම සාකච්ඡාවට විල්පත්තු සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද ස්වාමින් වහන්සේ, පරිසරවේදීන් වන නයනක රන්වැල්ල, නිලක්ශ රත්නායක ප්‍රමුඛ කොටගත් නියෝජිතයන් පිරිසක් එක්වුනා.

එහිදී එල්ල වන චෝදනාව ගැන වන සංරක්ෂක මහින්ද සෙනෙවිරත්න මහතා කියා සිටියේ, රිෂාඩ්ගේ විල්පත්තු සංහාරය සඳහා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් නීතිවිරෝධීව වනය කැපීමට අවසර ලබා දුන් බව පිළිගනු ලැබුවේය.

එමෙන්ම තමන් ඒ පිළිබඳව ජනාධිපති ලේකම් වරයාට පැවසූ බවත් “ජනාධිපති ලේකම් බබෙක්ද..?” ඔහු විමසා සිටියේය.

එමගින්ද ඉතාපැහැදිලිව ගම්‍ය වූයේ විල්පත්තු සංහාරය සඳහා රාජපක්ෂ ආණ්ඩුවේ සම්පූර්ණ සහයෝගය මත ආරම්භ වී සිදුකරනු ලැබූ වන විනාශය එය නීතිවිරෝධි බවට විගනකාධිපති වාර්තාව පිටවී තිබියදිත් වත්මන් යහපාලන ආණ්ඩුව යටතේත් එම වන විනාශය සිදුවන බවයි.

එමෙන්ම වන සංරක්ෂක මහින්ද සෙනෙවිරත්න මහතාගේ කටින් පිට වූ අති විශේෂ කාරණයක් වූයේ විලත්තිකුලම් රක්ෂිතය ගැසට් කිරීම නිතීවිරෝධීව කල බවත් එයට එරෙහිව නඩුවක් දැමීමට විල්පත්තු සංහාරක ඇමති රිෂාඩ් බදුයිදීන් කටයුතු ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි ඔහුගේ කටින් පිට විය..

එමඟින් අපට ගම්‍ය වන්නේ විල්පත්තු සංහාරක ඇමති රිෂාඩ් බදුයිදීන්ට නීතිමය උපදෙස්සපයනු ලබන්නේ වන සංරක්ෂන දෙපාර්තුමේන්තුවද විය හැකි බවයි..

අනතුරුව පිටතට පැමිණි විල්පත්තු සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් චෝදනා කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට තොරතුරු ලබාදෙන බවයි.

මෙම විරෝධතාවය සඳහා සඳහා විල්පත්තු සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද ස්වාමින් වහන්සේ, පරිසරවේදීන් වන නයනක රන්වැල්ල, නිලක්ශ රත්නායක, දිනෙත් මල්ලිකාරච්චි,ශෂිකලන රත්වත්තේ, පාලිත වික්‍රමරත්න ප්‍රමුඛ කොටගත් සහ විල්පත්තු වන විනාශයට එරෙහිව විශාල හඩක් නගමින් සමාජය තුළ ප්‍රබල ජනමතයක් සමාජගත කරමින් මේ මොහොතේ අපේ රටේ සංවේදි සිත් ඇති මිනිසුන්ගේ හදවතට කතා කරමින් සුවිශාල කාර්යභාරයක් ඉටු කරන බොහෝ දෙනෙක් එක්ව සිටියෝය.

– මිහිඳු ෆොන්සේකා

රිෂාඩ්ගේ විල්පත්තු සංහාරය සඳහා, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් නීතිවිරෝධීව වනය කැපීමට අවසර ලබා දුන් බව වන සංරක්ෂක මහින්ද සෙනෙවිරත්න පිළිගනු ලැබුවේ මෙලෙසින්,

අද දින සම්පූර්ණ වීඩියෝව පහතින්,

Facebook Comments

more recommended stories

%d bloggers like this: