කෝටි 5 ක් උපයා ගත් හැටි කියාගන්න බැරි වූ වීරවංශට අල්ලස් කොමිසම නඩු පවරයි..!

කෝටි 5 කට ආසන්න මුදලක් උපයා ගත් ආකාරය පැහැදිලි කර දීමට අපොහොසත් වීම හේතුව ඇතුළු තවත් චෝදනා රැසක් ගොනු කරමින් හිටපු නිවාස ඇමැති, ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශට එරෙහිව ඊයේ අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

කොමිසම පරීක්ෂණ කරද්දී වීරවංශ සතුව රුපියල් හත් කෝටි හතලිස් ලක්ෂයක වත්කම් තිබූ නමුත් ඉන් රුපියල් හාර කෝටි අනූ දෙලක්ෂයක වත්කම් උපයා ගත් ආකාරය පැහැදිලි කිරීමට වීරවංශ අපොහොසත් වීම නිසා මෙම නඩුව පවරන ලදී. 2009 සිට 2014 දක්වා අතර කාලයේ දී වීරවංශ උපයා ගත් වත්කම් මෙහිදී විමර්ශනය කර තිබිණ.

වීරවංශගේ හෝකන්දර පිහිටි ඉඩම රජයේ තක්සේරුව අනුව රුපියල් ලක්ෂ 185 ක් බවත් එහි රුපියල් ලක්ෂ 50 ක් වටිනා නිවාස 2 ක් ඇති බවත් කොමිසම හමුවේ හෙලිදරව් වුවද, තක්සේරුව සඳහා ඉඩමේ වටිනාකම එකතු කර නැත. වීරවංශ සතුව උඩුපිල ප්‍රදේශයේ රු. ලක්ෂ 47 ක් වටිනා ඉඩමක් ද රුපියල් ලක්ෂ 7 හමාරක් වටිනා ඉඩම් දෙකක්ද තිබී ඇති අතර ඒවාද හෙළිදරව් කර නැත.

ශෂී වීරවංශ සතු වත්කම් ද රු. ලක්ෂ 140 ක් වන බව කොමිසම සොයා ගෙන තිබේ.

මේ සියළු වත්කම් වල මුළු එකතුව රුපියල් ලක්ෂ 740 ක් නමුත් එම කාලය තුල එනම් 2009 සිට 2014 දක්වා වීරවංශ ලැබූ මුළු ආදායම රු. ලක්ෂ 248 ක් පමණි. රුපියල් ලක්ෂ 492 ක් උපයා ගත් ආකාරය කියා ගැනීමට වීරවංශ අපොහොසත් වී ඇත. ඇමැති වැටුප් සහ දීමනා මිස වීරවංශට හෝ ශෂීට වෙනත් කිසිදු ආදායමක් ද තිබී නැත.

මේ අනුව වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම ඊයේ නඩු පවරනු ලැබීය. අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය දිල්රුක්ෂි වික්‍රමසිංහ ඉවත්ව යද්දී මෙම නඩුව පැවරීමට තිබුනේ සති දෙකක පමණ වැඩ කොටසක් පමණක් වුවද පැමිණි නව අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න හෙවත් විසින් වසරකට අධික කාලයක් මෙම නඩුව පවරන්නේ නැතිව ගල් කරගෙන සිටියේ ය. ඊයේ දිනයේ හෝ මෙම නඩුව පැවරීමට හැකි වූයේ කොමිසමේ සභාපති හිටපු විනිසුරු ටී.බී.වීරසූරිය මහතාගේ කැපවීම අනුව බව ඒ මහතාගේ ගෞරවය පිණිස සඳහන් කළ යුතුය.

ලංකා ඊ නිව්ස්

Facebook Comments

more recommended stories

%d bloggers like this: