Windows වල වැරැද්දක් – ඇපල් වලට හිමි වින්ඩෝස් වලට අහිමි වුන දේ ගැන බිල් ගේට් සමාව ගනී.

ලෝකයේ  පරිගණක භාවිතා කරන පිරිසගෙන් වැඩි පිරිසක් භාවිතා කරන්නෙ Windows මෙහෙයුම් පද්ධතිය. Windows පාවිච්චි කරන අයට Windows පාවිච්චි කරන ගොඩක් දෙනා තමන්ගෙ වැඩ පහසු කරගන්න විවිධ කෙටි මං (short cut) පාවිච්චි කරනවා.මේ විදියට පාවිච්චි කරන short cut අතරෙ  Ctrl – Alt – Del  කියන short cut එක බොහෝ දෙනා අතරෙ ගොඩක් ප්‍රසිද්ධයි. මොකද පරිගණකය ටිකක් හිර වුනාම Task mannager වලට යන්න, සමහර කම්පියුටර් වලට ලොග් වන සෑම අවස්ථාවකම වගේත් අපිට මේ short cut එක භාවිතා කරන්න සිද්ද වෙනවා.

මේ විදියට නිරන්තරයෙන් අවශ්‍ය වෙන short cut එකකට එකවර Button 03 ක් යොදවන්න ඕන නිසා ඒක ටිකක් කරදරකාරී ක්‍රියාවක්. ඒ වගේම පරිගණකය හිරවුනු වෙලාවක මේ වගේ දෙයක් කරන එක තවත් කරදරකාරී අත්දැකීමක් ඔබට ගෙන දෙන්න පුළුවන්.

MS – DOS ඔපරේටින් සිස්ටම් එක IBM සමාගමට විකිණීමෙන් පසුව ධනවත් වූ බිල් ගේට්ස් Windows  නිසා පසුගිය විසි වසරකට අධික කාලයකට වැඩි කාලයක්  ලොව ධනවත්ම පුද්ගලයා ලෙසි ජනප්‍රියත්වයට පත්ව සිටියා. පසුගිය බදාදා නිව්යෝර්ක් නුවර ගෝලීය ව්‍යාපාර සමුළුවකදී ඔහු  විසින් දශක 3ක් තිස්සේ ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්ධතියේ එවැනි කරදරකාරී කමාන්ඩ් එකක් යෙදීම ගැන කනගාටුව ප්‍රකාශ කර තිබුනා.

windows යතුරු පුවරුවට මේ සඳහා Button එකක් යෙදීමට අවශ්‍යව තිබුනද අයි. බී. එම්. කීබෝඩ්  සැලසුම් නිර්මාණ ශිල්පියා විසින් හිතාමතාම windows සඳහා මෙවැනි Button එකක් ලබා දී නැහැ.නමුත් ඇපල් පරිගණක භාවිත කරන්නන්ට  මේ සඳහා එක Button එකක් ලබා දී තිබෙනවා. ඒ වගේම ඇපල් කම්පියුටර් PC වගේ හිර වෙන්නේ නැති නිසා  එක ලොග් වීමට පමණක් සීමා වෙනවා.

ලෝකයේම ව්‍යාපාරික අවධානය හිමිව අති බිල් ගේට් වැනි පුද්ගලයෙකු තමන් අතින් සිදුව ඇති මෙම වරදට සමාව ගැනීම ඉතා විශිෂ්ඨ ක්‍රියාවක් බව සමාජ මාධ්‍ය වලද කතාබහට ලක්ව තිබුණා.

Facebook Comments

more recommended stories

%d bloggers like this: