ඉදිරි වසර 100 තුළ මිනිසා පෘථිවියෙන් ඉවත් විය යුතුයි – මහාචාර්ය හෝකින් ගේ අනතුරු ඇඟවීම මෙන්න..!

සෞරග්‍රහ මණ්ඩලයේ අපගේ ඇසට පෙනෙන නොපෙනෙන අප සොයාගත් මෙන්ම සොයා නොගත් ග්‍රහ තාරකා කෙතරම් නම් තිබෙනවාද.?
එහෙත් ඒවා ජිවත් වීම සඳහා සුදුසු ද යන්න සොයා ගැනීමට අප තවමත් සමත් වී නැහැ.අපට ජීවත්වීමට ඇත්තේ පෘථිවිය මිස වෙන කිනම් ග්‍රලෝකයක්ද..?
අද අපි ඔබට වාර්තා කරන්නේ මිනිස් වර්ගයාගේ අවසානය පිළිබඳ අපට ලැබුණු තොරතුරක්.

අතීතයේ පටන්ම සිදු වන මිනිස් වර්ගයාගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ අපේ මහ පොළොව අපට අහිමි වෙමින් අප දිනෙන් දින විනාශය කරා ඇදෙමින් සිටින බව සුප්‍රසිද්ධ ස්ටෙෆන් හෝකින් පවසා සිටිනවා

මිනිසාගේ නොයෙක් විෂ රසායනික ක්‍රියාකාරකම් නිසා පෘථිවි ජීවීන්ට අනාගතයේදී භයානක වසංගත රෝග අභ්‍යවකාශ වස්තුන් පතිත වීම හෝ මෙයට ශත වර්ෂ ගණනකට ඉහතදී ඩයිනෝසරයන් වඳවීමට හේතු වූ උල්කාපාත වර්ෂාවන් වැනි දේවල් වලට මුහුණදීමට සිදුවන අතර එයට මුහුණ දීමට තරම් මිනිසුන්ට හැකියාවක් නොමැති බැවින් මිනිසා මිහි මතින් තුරන් වීම නවතාලිය නොහැකි බවත් ඔහු අනතුරු අඟවමින් කියා සිටිනවා.

ගෝලීය උණුසුම ඉහළ යාම ග්‍රීන්ලන්තය දියවීමට පටන් ගැනීමෙන් බ්‍රිතාන්‍ය අයිස් යුගයක් කරා ඇදීයන බව ඔහු තව දුරටත් සනාථ කරයි.හෝකින් යනු පෘථිවියේ අනාගතය ගැන රෝද පුටුවේ සිටිමින් නොයෙකුත් ජනප්‍රිය වූ අනාවැකි පළකරන්නෙකු වන අතර ඔහුගේ දත්ත වලට අනුව දේශගුණික විපර්යාස, වසංගත රෝග, ග්‍රහ වස්තු වල විපර්යාස නිසා මිනිසුන්ට සිදුවන අනතුරෙන් බේරීමට නම් ඉදිරි වසර 100 තුළ මිනිසා පෘථිවියෙන් වහාම ඉවත් විය යුතු බවයි. මෙය ඔහුගේ පළමු අනාවැකිය නොවන අතර පසුගිය වසරේද ඔක්ස්ෆර්ඩ් සංසදයේදී ඔහු මේ අනතුරු ඇඟවීම කර තිබේ.

පසුගිය මාස හයක් පුරාවටම සිදු කරන ලද ගවේෂණ වලින් හෙළි වී ඇත්තේ සැලකිය යුතු අන්දමේ ග්‍රහලෝක ප්‍රමාණයක් සෞරග්‍රහ මණ්ඩලයෙන් අතුරුදහන් වී ඇති බවයි.

කේම්බ්‍රිජ් සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය වන හෝකින්ගේ මෙම අනාවැකි ලෝකය පිළිගනිද..?

ඔබගේ අදහස් comment කරන්න.
මිතුරන්ටත් බලන්න share කරන්න.

Facebook Comments

more recommended stories

%d bloggers like this: