සංගාගේ කණ්ඩායම බැට දෙමින් උපුල් තරංග පිටිය සිසාරා පහරවල් එල්ල කල හැටි..! (VIDEO)

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි-20 ලීග් තරගාවලිය ආරම්භ කරමින් අද (4 වැනිදා) ෂිලාත්හිදී පැවැති තරගයේදී උපුල් තරංග සහ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් දැක්වූ දස්කම් හේතුවෙන් ෂිලාත් සික්සර්ස් කණ්ඩායම විසින් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කරන ලදී.

ලකුණු 137 ක පහසු ඉලක්කයක් හඹා ගිය ෂිලාත් සික්සර්ස් පිල වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබාගත් උපුල් තරංග සහ ඇන්ඩි ෆ්ලෙචර් දෙදෙනා පන්දු 93 කදී ලකුණු 125 ක් එකතු කරමින් ෂිලාත් කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයටම කැඳවාගෙන ගියහ. පන්දු 51 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 63 ක් ලබාගත් ෆ්ලෙචර් දැවී ගිය නමුත් තරංග සිය කාර්යය අවසන් වන තුරුත් පිටියේ රැඳී සිටියේය.

පන්දු 48 කට මුහුණ දෙමින් උපුල් තරංග නොදැවී ලබාගත් ලකුණු 69 හතරේ පහර 5 කින් සහ හයේ පහර දෙකකින් අලංකාරවත් වී තිබිණ.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් නමුත් ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 136 ක් පමණි.

ඩයිනමයිට්ස් පිලේ පළමු කඩුල්ල පළමු ඕවරයේදීම දැවී යාම හේතුවෙන් පිටියට පිවිසි අංක 3 පිතිකරු සංගක්කාර, කොදෙව් පිතිකරු එවින් ලුවිස් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. එහෙත් ලකුණු 66 දී සංගක්කාර දැවීයාමෙන් පසුව ඩයිනමයිට්ස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 70 ක් පමණි.

ඩයිනමයිට්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සංගක්කාර පන්දු 28 කින් 4 ක් හතරේ සීමාව පසුකර යැවූ අතර ඉන් එකක් ඊට ඉහළින් යැවීය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: