Thu. Mar 27th, 2025

සංජීවගේ ගෝලයින් පද්මේගේ සමීපතමයින් බිලි ගන්න සූදානමින්..!

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කර දින 07ක් ගතවන මේ මොහොතේ එම ඝාතනය මෙහෙයවූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකුට අද (26) එල්ලවූ වෙඩි ⁣ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානයට යොමුවී තිබේ.

අද පෙරවරුවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේදී කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ පාසල් මිතුරෙකු ලෙස සැලකෙන 36 හැවිරිදි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා මේ වනවිට ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඔහුගේ පාදකට සහ අතකට වෙඩිවැදී ඇති අතර ගම්පහ රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවය.

වෙඩි වැදුණු පුද්ගලයා ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධයක් නැතත් ඔහු කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකුවීම හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකරයි.

සංජීව ඝාතනයෙන් පසුව ඔ⁣හුගේ සමීපතමයින් ප්‍රකාශ කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ සමග සබඳකම් පවත්වන පාර්ශ්වවලින් පලි ගන්නා බවටය.

ඒ අනුව මේ වනවිට අපරාධ කල්ලි අතර පවතින මෙම ආරවුල උත්සන්න වී ඇති බව පැවසේ.

විශේෂයෙන් පාතාලයේ “ගෝඩ් ෆාදර්” වීමේ අරමුණින් බොහෝ දෙනෙකු අතීතයේ සිටම අපරාධ කල්ලි නායකයන් ඝාතනය කරමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබුණු අතර එය වර්තමානය වන විටත් දක්නට ලැබෙයි.

කෙසේවෙතත් අද දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කිසිඳු පුද්ගලයෙකු මේ දක්වාත් අත්අඩංගුවට ගෙන නොමැත.

මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළේ කණ්ඩායම් කිහිපයක් අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවය.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *