• Mon. Jan 30th, 2023

අපිට පිස්සු නෑ..!

BySandun

May 14, 2015

najith
විවෘත විශ්ව විද්‍යාලයේ ගාස්තු සියයට එකසිය විස්සකින් ඉහල දමා ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අද (14) කොළඔදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි කැදවුම්කරු නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කර සිටියේ වත්මන් ආණ්ඩුව වෙනසක් කිරීමට පැමිණියානම් පසුගිය ආණ්ඩුව යටතේ ශිෂ්‍යන් මුහුණ පා ඇති ගැටළුවට විසදුම් ලබා දීමට කන් නොදෙන්නේ ඇයිද යන්නයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..

“වත්මන් ආණ්ඩුව පත්වූ පසු විවෘත විශ්ව විද්‍යාලයේ පවතින ගැටළු පිළිබද ශිෂ්‍යන් සමග සාකච්ඡා කිරීමට දේශපාලඥයින් පැමිණියා නමුත් එපමණයි. මේ වන තෙක් කිසිදු විසදුමක් ලබා දී නැහැ. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ ගාස්තු සියයට එකසිය විස්සකින් පමණ ඉහල දමා තිබෙනවා. මෙහි අරමුණ වී ඇත්තේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමයි.

පසුගිය ආණ්ඩුවත් අනුගමනය කලේ මේ ප්‍රතිපත්තියමයි. විවෘත විශ්ව විද්‍යාලයේ ගැටළුව සම්බන්ධයෙන් අපි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කලා. ඔවුන් කියන්නේ මෙය උපකුලපතිවරයාගේ තීරණයක් බවයි. උපකුලපතිවරයාට අවශ්‍ය විදියට ගාස්තු ඉහල දැමීමට හැකිනම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් මොකටද. ඒක අපිට පිළිගන්න බැහැ. මෙහි සැබෑ තත්වය නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අදාල ප්‍රතිපාදන විශ්ව විද්‍යාලයට ලැබෙන්නෙ නෑ. ඒ හේතුවෙන් විශ්ව විද්‍යාලය පවත්වාගෙන යෑමට බව ප්‍රකාශ කරමින් උපකුලපතිවරයා පාඨමාලා ගාස්තු වැඩි කරලා.

2013 වසරේදී 18000 කට තිබූ පාඨමාලාව 2015 වන විට 62,000 දක්වා ගාස්තු ඉහල දමා තිබෙනවා. එපමණක් නොවෙයි පාඨමාලා ගාස්තු සියයට තුන්සීයය දක්වා ඉහල දැමිය යුතු බව උපකුලපතිවරයා පවසනවා. මෙවැනි තත්වයක් මත සාමාන්‍ය පවුලක දරුවෙකුට විවෘත විශ්ව විද්‍යාලයට ඇතුලුවිය නොහැකි තත්වයක් ඉදිරියේදී ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් අපි ආරම්භ කල අරගලයට දින 150 ක් වෙනවා නමුත් කිසිදු විසදුමක් නෑ. මේ ගැන අරගල කරන විට දේශපාලඥයින් කියනවා අපිට පිස්සු කියලා.අපිට පිස්සු නෑ.අපි කියන දේ තේරෙන්නෙ නැති අයටයි පිස්සු, අපි අරගල කරන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෙසේ වෙතත් අපි මෙම අරගලය ජයග්‍රණයෙන් මිස කෙළවර කරන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *