• Thu. Feb 2nd, 2023

පින්නවල රාවණාගේ ජීවිතය අවදානම්..!!

BySandun

May 14, 2015

pinnawala rawana

රඹුක්‌කන පින්නවල අලි අනාථාගාරයේ සිටින වයස අවුරුදු 30 ක්‌ පමණ වන “රාවණා හස්‌තියාට සිදුකරන ලද ප‍්‍රතිකාරයන්හි වැරදීමක්‌ නිසා මේ වන විට එම හස්‌තියා මරණාසන්න තත්ත්වයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

රාවණා දගකාරයෙක්‌ව සිටියදී සිදුකරන ලද “අලි ගෝරියක්‌” නිසා ඉදිරි වම් පාදය බිඳීමකට ලක්‌වී ඇති බවත් එය සඳහා ප‍්‍රතිකාර කිරීමට අරගෙන ඇත්තේ අලි ඇතුන්ගේ රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම සම්බන්ධව කීර්තියක්‌ උසුලන පාරම්පරික වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ප‍්‍රසාද් ඉරෝෂන් මහතායි. ඒ මහතාගෙන් ප‍්‍රතිකාර ලද “රාවණ” ඉක්‌මනින් සුව වෙමින් සිටි අතර “රාවණාට” ඇතිවී තිබෙන උදාරාබාධයක්‌ සඳහා තවත් අයෙකු විසින් ප‍්‍රතිකාරයක්‌ ලෙස කිසියම් එන්නතක්‌ ලබාදී තිබෙන අතර එම එන්නත ලබාදීමෙන් පසුව එතෙක්‌ නැගිට සිටි “රාවණා” ඇදවැටී ඇති අතර, මේ වන විට “රාවණාට” ව නරඹන්නන්ගෙන් වසන්කර වෙනම ස්‌ථානයක රඳවා තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වඉන් අලි,ඇතුන් සඳහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයෙක් සඳහන් කළේ ලබාදෙන ලද එන්නත විෂවීම මෙලෙස ක්‍ෂණිකව රෝගාතුරව ඇදවැටීමට හේතුවිය හැකි බවත් එහි ප්‍රථිපලය අනාගතයක් ලෙස හස්තියාගේ ජීවිතය අනතුරකට පත්ව ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *