• Sat. Jan 28th, 2023

ඉදිරි එංගලන්ත සංචාරය දක්වා කණ්ඩායමේ සුක්කානම මැතිව්ස්ට භාරදෙයි.

BySandun

May 15, 2015

mathiws

ඉදිරි එංගලන්ත තරග සංචාරය දක්වා ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකත්වයට යළිත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබෙනවා.කි‍්‍රකට් තේරීම් කමිටුවේ තීරණයකට අනුව එම පත්කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.ඇන්ජෙලෝ මැතිව්ස් මීට ඉහත නායකත්වය සඳහා පත්කර තිබුණේ වසර 02 ක් සඳහා පමණයි.

මෙම පත් කිරීම අනුව ලබන ජුනි මස ආරම්භ විමට නියමිත පාකිස්ථානු තරගාවලිය සහ ඉන් අනතුරුව ඉන්දියානු තරග සංචාරය මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයන් සඳහාද කණ්ඩායමේ වගකීම ඇන්ජෙලෝ මැතිව්ස්ට පැවරෙනු ඇති.

මේ අතර 2016 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ 20 යි 20 නායකත්වයට යළි ලසිත් මාලිංග පත්කර තිබෙනවා.කි‍්‍රකට් තේරීම් කමිටුවේ අදාළ පත් කිරීම් සඳහා කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අනුමැතියද හිමිව ඇති බවයි කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *