බුරුන්ඩි රාජ්‍යය පෙරලීමට කළ කුමන්ත්රණයෙන් දිනකට පසුව එරට ජනාධිපති පියරේ න්කුරුන්සිසා යලි සිය රටට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරයාට පක්ෂ හමුදා කණ්ඩායම් විසින් බුරුන්ඩිහී මුචුම්බරා නුවර පිහිටා තිබෙන ගුවන් තොටුපල ජනාධිපති නිළ නිවස ජාතික ගුවන් විදුලි සේවය ඇතුලූ රජයේ වැදගත් ස්ථාන කිහිපයක බලය තහවුරු කරගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වනවා.
ජනාධිපති පියරේ න්කුරුන්සිසාට නැවත බුරුන්ඩිට පැමිණිමට නොහැකි වන ලෙස පසුගිය බදාදා කුමන්ත්රනයේ ආධාරකරුවන් විසින් මුචුම්බරා ගුවන් තෙකාටුපල අවහිර කළා.
ජනධිපතිවරයා රැගත් ගුවන් යානය මුචුම්බරා ගුවන් තොටුපලට පැමිණියේ ටැංසානීයාවේ පැවැති කළාප සමුළුව අවසන් විමෙන් අනතුරුවයි.
රටේ බලය අල්ලා ගැනිමට කුමන්ත්‍රණය කළ පුද්ගලයින් සහ පොලිසිය අතර මේ වන විටත් ගැටුම් පවතින අතර, මෙම ගැටුම්වලට මුලික හේතුව වී ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව මුරුන්ඩි ජනාධිපතිවරයා තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට උත්සහ කිරිම බවටත් සඳහන් වනවා.