පසුගිය අතුරු අයවැය මඟින් බදු අය කිරීමට කෙරුණු එක් යෝජනාවක් වන්නේ සැටලයිට් තාක්ෂණය යොදාගෙන ලංකාව තුළ සේවා සපයන ආයතන වලින් රුපියල් බිලියනයක බදු මුදලක් අයකර ගැනීමයි.
එහෙත් පසුගිය මාර්තු 31 වෙනිදාට පෙර ගෙවීමට නියමිතව තිබූ රුපියල් බිලියනයක බදු මුදල ‘සුප්රීම් සැට්’ නැමැති ආයතනය මඟ හැර තිබෙනවා.
අදාළ ආයතනය මඟින් එම ගෙවීම් පැහැර හැරීම සඳහා හිටපු ජනාධිපතිගේ බාල පුත්රයා වන රෝහිත රාජපක්ෂ වත්මන් යහපාලන රජයේ ප්රබල එජාප ඇමති වරයෙකු සමග ඇති කරගත් විශේෂිත අත-යට ගණුදෙනුවක් නිසා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘අපේ රට’ වෙබ් අඩවියට වාර්තා වනවා.
වර්තමාන රජය එම ඇමතිවරයාට ලබා දුන් අමාත්යංශය ගැනද සමාජයේ පිරිස් අතරේ විවිධ මත පළ කෙරුණු අතර යහපාලන රජයටද මොහු නිසා කලු පැල්ලමක් එකතුවුනු බවට සමාජ ජාලා හරහා ප්රසිද්ධියට පත්වූ කරුණක්.
මීට පෙරද මෙම ප්රබලයා එජාප රජයක් යටතේ සතොස ආයතනයේ සිදුකළ අක්රමිකතාවයක් ගැනද චෝදනා එල්ල වුණා.
එමෙන්ම සුප්රීම් සැට් නැමැති ආයතනය සඳහා චීනයෙන් ඩොලර් මිලියන 230ක මුදලක් ලැබුණු බවත්, එම ආයතනය සම්බන්ධව කටයුතු කළ රාජපක්ෂ පවුලේ හිතවතුන් කිහිපදෙනෙකුට චීනයේ ගොස් විනෝදවීමේ අවස්ථාවක් ඒ සමගින් හිමිවූ බවත් අපට වාර්තා වනවා.
හිටපු ජනාධිපතිගේ බාල පුත් රෝහිත රාජපක්ෂ සිය නිල ෆේස්බුක් ප්රොෆයිලයේද සඳහන් කොට තිබෙන්නේ
ඔහු සුප්රීම් සැට් නමැති ආයතනය හා සම්බන්ධ බවයි.
මෙම ගණුදෙනුවේ තවත් තොරතුරු බලාපොරොත්තු වන්න…