• Tue. Feb 7th, 2023

වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි – ජනපති

BySandun

May 15, 2015

maithri

වසර ගණනාවක් පුරාම මෙරට ප්‍රධාන ගැටළුවක්ව පවතින වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් ප‍්‍රචාරක වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා.ජනාධිපති ලේකම් කාර්යාලයේ වගුකඩු රෝග නිවාරණ අධීක්ෂණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් එතුමා මේ බව සඳහන් කළා.

ගොවි පවුල් මට්ටමින් ගමට ගොස් මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළ යුතු බව සහ අත්පති‍්‍රකා මෙන්ම පෝස්ටර් සහ කටවුට් මාර්ගයෙන්ද ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම වකුගඩු රෝගය නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජාතික වකුගඩු නිවාරණ දිනයක් ප‍්‍රකාශයට පත්කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබෙනවා.

වකුගඩු නිවාරණ අධීක්ෂණ කමිටුව විසින් පසුගිය කමිටු රැස්වීම් වලදි එක් එක් අමාත්‍යංශ වෙත පවරන ලද වගකීම්වල ප‍්‍රගතිය සමාලෝචනය කිීමද මෙහිදි සිදුකෙරුණා.

පළිබෝධනාශක ප‍්‍රචාරණ තහනම් කිරීම, දේශීය සහල් සහ බිත්තර වී භාවිතය ප‍්‍රචලිත කිරීම, කොම්පෝස්ට් පොහොර භාවිතය ප‍්‍රවර්ධනය, හිතකර කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය සහ භාවිතය තහනම් කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන ඇති පියවරවල ප‍්‍රගතියද මෙහිදි ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *