• Thu. Feb 2nd, 2023

අධිවේගයේ දුෂණ වාර්තා යට ගැසීමේ තැතක් ගැන හෙළිදරව්වක්..!

BySandun

May 16, 2015

hgඅධිවේගී මාර්ග ඉදිකිරීමේදී වංචා-දුෂණ සිදු වී ඇත්දැයි විමර්ශනය කර මොරටුව විශ්වවිද්‍යාලය මගින් සකස් කළ වාර්තාව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික‍්‍රමරත්න මහතාට භාර දී ඇතත් ඊට අදාළව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම නිසා එය යට ගැසීමේ උත්සාහයක් පවතින බවට සැක මතු වී තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සහ ව්‍යාපෘති කළමනාකරණය පිළිබද මහාචාර්ය අශෝක පෙරේරා මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම වාර්තාව සකස් කර ඇති අතර, එය මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික‍්‍රමරත්න මහතාට භාර දී තිබේ.

අදාළ වාර්තාව මෙලෙස රහසක් ලෙස තබාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාද යන්න ඊට අදාළ තොරතුරු ලබාදුන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීහු ප‍්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය අශෝක පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ විශ්වවිද්‍යාලයට ලබාදුන් කාර්යයක් තමන්ගේ මූලිකත්වයෙන් අවසන් කළ බවත්, ඉන්පසු එය අමාත්‍යංශයට භාරදුන් බවත්ය. මෙම වාර්තාව පිළිබදව වැඩිදුර තොරතුරු කිසිවක් සැපයීමට තමන්ට අවසරයක් නැති බවද අප කළ විමසීමට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා සදහන් කළේය.

අදාළ වාර්තාවේ අන්තර්ගතය පිළිබදව විමසීමට මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික‍්‍රමරත්න මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැත.

පසුගිය කාලයේදී අනාවරණය වූ ආකාරයට අධිවේගී මාර්ග සදහා දැවැන්ත මුදලක් පසුගිය ආණ්ඩුව මගින් වැයකර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 157ක් සදහා රුපියල් බිලියන 235ක් වැය කර ඇති අතර, ඒ අනුව එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 1.5ක් වැය කර ඇත.

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 26ක් සදහා රුපියල් බිලියන 47ක් වැය කර ඇති අතර, ඒ අනුව එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 1.8ක් වැය කර ඇත.

කෙසේවෙතත් ලෝක බැංකු වාර්තාවල සදහන් වන ආකාරයට සාමාන්‍යයෙන් අධිවේගී මාර්ග කිලෝමීටරයක් සදහා වැයවන්නේ ඇමරිකානු ඩොලර් මිලියනයකි. එනම් රුපියල් මිලියන 130 කට ආසන්න මුදලකි. එහෙත් ලංකාවේ අධිවේගී මාර්ග එක් කිලෝමීටරයක් සදහා රුපියල් මිලියන එක්දහස් පන්සියයත්-පන්දහසත් අතර මුදලක් වැය කර තිබේ.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියකු පැවසුවේ මෙම වාර්තාවට තම අධිකාරියෙන් සැපයූ තොරතුරුවලට අනුව නම් පසුගිය ආණ්ඩුවේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේද ඇමැතිවරුන් කිහිප දෙනකුගේ මූල්‍ය අක‍්‍රමිකතා මෙහි සදහන් විය යුතු බවයි.

 

(රන්දිව ඇසුරෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *