• Tue. Feb 7th, 2023

ඉදිරි මහ මැතිවරණයට මහින්ද එන්නේ මෙහෙමයි.

mahinda

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකඟ නොවීමත් සමග ශ්‍රිලනිපයේ හිටපු දූෂිත මැති ඇමතිවරුන් එක් කරගනිමින් නව දේශපාලන පෙරමුණක් ගොඩනැගීම සඳහා රහසිගත සාකච්ඡා වට කිහිපයක් පසුගිය දින කිහිපයේ පවත්වා ඇති බව ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා සඳහා මෛත්‍රී පාර්ශවයෙන් එකඟතාවයක් පළ නොවීමත් සමග ඉතා ඉක්මනින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සූදානම් වන බවටයි ‘අපේ රට‘ වෙබ් අඩවියට වාර්තා වූයේ.
ඒ අනුව නැවත මහින්ද අගමැති කළ යුතු බවට රැස්වීම් පවත්වමින් යන ශ්‍රිලනිපයේ කණ්ඩායම හා බෝඩ් ලෑලිවලට පමණක් සීමා වී තිබෙන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව මෙම පෙරමුණ ගොඩ නැගීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ඇති.ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ කලකිරීමට ලක්වී සිටින කිහිප දෙනෙකු සමගද සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වේ.

බලයට ඇති අසීමිත ආශාවකින් පෙළෙන බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ පාලන සමයේ සිදු කරනු ලැබූ මහාපරිමාණ වංචා, දූෂණ හෙළිදරව් වීම වළක්වා ගැනීමට විවිධ කුමන්ත්‍රණයන් සිදු කරමින් නැවත කෙසේ හෝ පාර්ලිමේන්තුවට රිංගා ගෙන ජාතිවාදය කණ්ඩායම් ඒකරාශී කරගෙන රට අස්ථාවර කිරීමේ උත්සාහයක නිරත වීමට ඔවුන් සූදානම් වන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ පිළිබඳව තවත් බොහෝ විස්තර අනාවරණය වී ඇතත් ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ‘අපේ රට
වෙබ් අඩවිය සූදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *