“අනාගතය වෙනුවෙන් තෙල් සහ විදුලිය ඉතිරි කරමු” යන්න තේමාව කර ගනිමින් ජාතික බලශක්ති වැඩසටහනට සමගාමීව පැවැත්වෙන “ජවන ශක්ති යාත්‍රා” ප්‍රදර්ශණාත්මක ධාවන තරගය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ විය.එහිදී ජනාධිපතිතුමා විසින් බලශක්ති සංරක්ෂණ ප්‍රතිඥාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ධාවන තරගය ආරම්භ කෙරිනි.පසුව අනාගතය වෙනුවෙන් තෙල් සහ විදුලිය ඉතිරි කරමු යන පණිවිඩය රැගත් පාගමන ආරම්භ වූ අතර ජනාධිපතිතුමා ඊට ද සහභාගි විය.විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුථ ආරක්ෂක අංශ නිළධාරිහුද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු පන්දහසකට අධික පිරිසක් මීට එක්ව සිටියහ.
( ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය )