ඊජිප්තුවේ ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් තේරී පත් වුණු ප්රථම ජනාධිපතිවරයා වන මොහොමඩ් මුර්සිට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කරනු ලැබ තිබේ.
වසර හතරකට පෙර සිදුවූ සිර කඳවුරක් කඩාගෙන යාමේ සිදුවීමට සම්බන්ධ බවට ඇති චෝදනාවට හිටපු ජනාධිපතිවරයා ට දඬුවම් ලබා දී තිබේ.
මෙම දඬුවම ක්රියාත්මක කිරීමට පෙර ඊජිප්තුවේ ආගමික අධිකාරිය විසින් තම මතය ඉදිරිපත් කළ යුතුව තිබෙන බවයි වාර්තා වන්නේ.
රාජ්ය රහස් බෙදා හැරීම පිළිබඳ චෝදනාවකට ද මොහොමඩ් මොර්සි දඬුවම් ලැබීමට නියමිතව ඇති අතර එම නඩු විභාගය දැනට කල් දමා ඇති බවයි පැවසෙන්නේ.
‘මුස්ලිම් සහෝදරත්වය’ නම් සංවිධානයේ සහය ලැබූ මොර්සි 2013 දී බලයෙන් පහ කරනු ලැබිණි.
කෙසේ වෙතත් ඔහුට පැනවූ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.
