• Sat. Jan 28th, 2023

විමල්ගේ අමාත්‍ය ධුරයේ ඥාතී සංග‍්‍රහ හෙළිවෙයි..!

BySandun

May 17, 2015

wimall
පසුගිය ආණ්ඩුවේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමති ධුරය දැරූ විමල් වීරවංශ,

ඔහුගේ ඥාතීන් පිරිසකට මත්තේගොඩ සහ කහතුඩුව ප‍්‍රදේශවල ඉදිකළ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 71 ක් වටිනා නිවාස 06 ක් අඩු වටිනාකම් තක්සේරුවකට ලබාදීම පිළිබඳ කරුණු අනාවරණය වී තිබෙනවා.
අමාත්‍යාංශයට අයත් රුපියල් මිලියන 14 ක මහජන මුදල් අවභාවිතාවේ යොදවමින් 2015 වසර සඳහා දින පොත් 30,000 ක් සහ දින දර්ශන තොගයක් මුද්‍රණය කිරීමක් පිළිබඳවද තොරතුරු අනාවරණයවී ඇති බව,

නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශ යටතේ පවතින සීමාසහිත ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

විශ‍්‍රාමික දිසා විනිසුරු ජී.එච්. පුංචිහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කළ විශේෂ කමිටුවක් මගින් අනාවරණය කරගත් මෙම කරුණු පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැනුම්දීමෙන් පසු මේ වනවිට කඩිනම් පරීක්ෂණ අරඹා තිබෙන බවත්, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් දෙදෙනාට තම සමාගම වාණිජ අලෙවිය සඳහා මත්තේගොඩ ප‍්‍රදේශයේ ඉදිකළ නිවාස ව්‍යාපෘතියෙන් වාරිකයක් පමණක් ගෙවීමෙන් පසු නිවාස 2 ක් ලබාදී තිබූ බවද සභාපතිවරයා පැවසීය. මෙම එක් නිවසක් රුපියල් මිලියන 14 ක් පමණ වටිනා බවද ඔහු කීය.

එසේම කහතුඩුව ප‍්‍රදේශයේ ඉදිකළ නිවාස ව්‍යාපෘතියේ තිබූ එකක් මිලියන 10 ක් වටිනා නිවාස 4 ක් හිටපු අමාත්‍යවරයාගේ ඥාතීන්ට බෙදා දී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

විමල් වීරවංශ මහතාගේ මස්සිනා කෙනෙකු වන අජිත් කුමාරගේටද, වීරවංශ මහතාගේ සහෝදරියගේ පුත‍්‍රයාගේ භාර්යාව වන වත්සලා කුමාරසිංහටද, වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරියගේ පුත‍්‍රයාගේ භාර්යාව වන ඉසුරු තරංගමාලාට සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටි මිලින්ද රත්නායකට මෙසේ නිවාස ලබාදී තිබෙන බව සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *