තහනම් සංවිධානයක් වූ එල්ටීටීඊ සංවිධානයේ සැමරුම් උත්සව සහ පෙළපාලි සතියක් පුරාවට තහනම් කරමින් මුලතිව් මහේත්‍රාත් විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය යුද්ධයේ අවසන් අදියර සිදුවූ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ අසලට රැස්වී යුද්ධයේදී මියගිය නෑයන් සමරා පහන් පත්තු කර ඔවුන් සිහි කිරීමට කටයුතු යොදා ඇත.
උසාවි නියෝගය අනුව තමන් කොටියන් සමරන්නේ නැති බවත් මියගිය නෑයන් සමරන බවත් දෙමළ සංධානය පවසයි. කෙසේ වෙතත් පොලිසිය සදහන් කරන්නේ උසාවි නියෝගය කඩ කළහොත් එවැනි පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා බවයි.