මුදල් විශුද්ධිකරණ පනත යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔහු අද (18දා) නිදහස් වී ඇති බවට වාර්තාවේ.
කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි. ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලංකා ජාතික කෝටිපති ව්‍යාපාරික රාජ් රාජරත්නම් සමග එක්වී ශ්‍රී ලංකාවේ විනිමය පනත උල්ලංඝනය කරමින් රුපියල් තිස් කෝටියක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමේ චෝදනා යටතේ ඔහුට නඩු පවරා තිබුණි.