යුද්ධයේදී මියගියේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් කවරකු වුවද ඔවුන් සියලු දෙනාම මිනිසුන් යැයි උතුරු පළාත් සභාවේ සෞඛ්‍යය ඇමති පී සත්‍යලිංගම් ප්‍රකාශ කළේය.
මියගිය පිරිස් සැමරීම සඳහා වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති අනුස්මරණ උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.අනුස්මරණ පින්කමේදී මියගිය එල්ටීටීඊ සාමාජිකයින් පමණක් නොව යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ,පොලීසියේ සහ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන්ද සිහිපත් කරන බව සත්‍යලිංගම් පළාත් අමාත්‍යවරයා කියා සිටියේය.
යුද්ධයේදී මියගිය පිරිස අනුස්මරණය පිණිස තබා තිබූ ඡායාරූප අතර කැබිතිගොල්ලෑව ප්‍රහාරයේදී සහ මහකෝන්ගස්කඩ ප්‍රහාරයේදී මියගිය සිංහල වැසියන්ගේ ඡායාරූප පෙළක්ද ඇතුලත් කොට තිබීම ද, විශේෂත්වයක් වුණා.ශිවශක්ති ආනන්දන්ල සෙල්වම් අඩෙයිකලනාදන් යන දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම්ද එම අනුස්මරණ උත්සවයට සහභාගි වී සිටියා.එමෙන්ම යුද්ධයේදී දෙමවුපියන්,දරුවන් ඇතුළු ඥාතීන් මියගිය විශාල පිරිසක්ද ඒ අතර වූහ.