යුධ ජයග්‍රහණයේ 06 වැනි සැමරුම වෙනුවෙන් මාතෘභූමි සංවිධානය පවත්වන සැමරුම් උළෙලක් ඊයේ (18) කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේ දී පැවැත්වුණා.
මාතෘ භූමියේ විජයග්‍රහණය සැමරීමේ නිදහසේ පහන්වැට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවේදි සිටි සියලූ දෙනා පහනක් දල්වා යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහිපත් කිරීම විශේෂත්වයකි.
සැමරුම් වැඩසටහනට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ රණවිරුවන් මේ තරම් ඉක්මනට අමතක වීම පිළිබඳව වත්මන් රජය ලැජ්ජා විය යුතු බවය.එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, රණවිරුවන් සැමරීම කාගේවත් හිත රිදවීමක් නොවන බවයි.රණවිරුවන්ගෙන් පළිනොගෙන රටේ ජයග්‍රහණ පාවා නොදී අවශ්‍ය නම් තමා හිරේ දමන්නැයි හෙතෙම පවසා සිටියේය.
පසුව මියගිය රණවිරුවන් සමරා පිරිස පහන් දැල්වූ අතර, මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මානුෂිය මෙහෙයුම සමයේ නාවික හමුදාපති ධූරය දැරු අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ මැති ඇමතිවරු පිරිසක්ද සහභාගි වුණා.