මෙතෙක් පැවති එක්දින තරඟ සහ පන්දුවාර විස්ස තරඟ වල ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කර තිබෙනවා.
අදළ යෝජනා පිළිබද සාකච්ඡාව පැවැත් වුණේ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදීයි. අදාළ යෝජනා පහත දැක්වේ.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟවලට පමණක් යෝජනා වූ නීති.
* බැටින් පවර්පේල් අවස්ථාව ඉවත් කිරීම
* පන්දුවාර 41 සිට 50 දක්වා අවස්ථාවේදි යාර 30 සීමාවෙන් පිට ක්‍රීඩකයින් 5දෙනකු සිටීම
* සියලුම නිපන්දු වලට ෆ්‍රී හිට් එකක් ( ඉනට උඩින් පන්දු යැවීම සහ පන්දු යැවීමේ සීමාවෙන් එහා පාදය තැබීම )
පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟ වලට පමණක් යෝජනා වූ නීති.
* සියලුම නිපන්දු වලට ෆ්‍රී හිට් එකක් ( ඉනට උඩින් පන්දු යැවීම සහ පන්දු යැවීමේ සීමාවෙන් එහා පාදය තැබීම )