• Mon. Feb 6th, 2023

Soldiers are heroes forever – රණවිරුවන්ට ඇති ගෞරවය සදාකාලිකයි – SF

SF 1
එල්.ටී.ටී.ඊ ය පරාජය කර ලබාගත් යුධ ජයග‍්‍රහණයට ප‍්‍රමුඛතම දායකත්වයක් ලබාදුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද(19) මාතර පැවති රණවිරු සැමරුම් උළෙලට එක්ව සිටියා. ඔහු යුධ ජයග‍්‍රහණයෙන් පසු එවැනි සැමරුම් පෙළපාලියකට සහභාගි වු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මීට වසර 06කට පෙර ලබාගත් එම ජයග‍්‍රහණයේ මතකයන් මෙසේ සදහන් කර ඇති බවට වාර්තාවේ.

“රණවිරුවො තමයි ජීවිත පූජාවෙන් ආබාධිත වෙලා සදාකාලික දහස් ගණන්, යුද්ධයේදි දරුණු ලෙස තුවාල වෙලා නිර්භීතව රට මුදවා ගත්තෙ. ඒ සමහරු දැන් අප අතර නැහැ. ඒ සියළු දෙනා ගෞරවයෙන් සිහි කරනව. මුළුරටම ඔවුන් කළ කැප කිරීම අමතක කරන්නෙ නැහැ. ඔවුන්ට තියෙන ගෞරවය සදාකාලිකයි.“

මානුෂිය මෙහෙයුම සමයේ ගුවන් හමුදාවට නායකත්වය දුන් එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ එවකට නාවික හමුදාපතිවරයා වු අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් මෙම උත්සවට සහභාගි වී නැත. කෙසේවෙතත් වසන්ත කරන්නාගොඩ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ කොළඹ පැවති යුධ ජයග‍්‍රහණයේ සැමරුම් උත්සවයකට එක්ව සිටි බවට වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *