ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ යතුරු පැදි කල්ලී දෙපිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙකුදෙනෙකුට තුවාල සිදු වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා සඳහන් කරනවා.
ටෙක්සාස් ප්‍රාන්තයේ මේ ආකාරයෙන් විවිධ යතුරු පැදි වලින් පැමිණෙන කල්ලි නිතරම ගැවසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යතුරුපැදි 200කින් පැමිණි පුද්ගලයින් 200ක් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබේ.
මෙම ගැටුම නැවත්වීමට ඇමරිකාවේ විශේෂ හමුදා කණ්ඩායමක් වන swat හමුදා අංශය යෙදවීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
තවද මෙම හමුදා අංශය විසින් මෙහිදී පුද්ගලයින් 170ක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.