වත්මන් රජය බලයට පත්වීමේන් අනතුරුව සහන යටතේ ලබාදුන් පරිප්පුවල මිල මේ දිනවල ඉහළ යාම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. කොළඹ,ගම්පහ,මාතලේ ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළෙඳසල්වල මේ දිනවල පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 200-225ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.
වෙළෙඳසල් හිමියන් පවසන්නේ පරිප්පු මිල එකවරම ඉහළ දමා ඇති බවයි.රුපියල් 80-95ත් අතර අලෙවි වූ පරිප්පු ග්‍රෑම්ස් 500 වෙනුවට අද පාරිභෝගිකයාට ලබා ගැනීමට සිදුව ඇත්තේ පරිප්පු ග්‍රෑම්ස් 250ක් වන අතර මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාවයි.
මෙසේ පරිප්පු මිල එකවර ඉහළ යාම පාරිභෝගිකයන්ගේ අප්‍රසාදයට හේතුවී තිබේ.
