හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් එවකට නිවාස ඇමති වශයෙන් සිටි විමල් වීරවංශ මහතාගෙන් විවිධ වරප්‍රසාද ලබා ගෙන ඇති බව හෙළිවී තිබෙනවා.
මේ වනවිට මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට ලැබී ඇති තොරතුරු වලට අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කළ ජනාධිපති මාධ්‍ය අංශයේ මිලින්ද රත්නායක නැමැත්තාට නිවාසයක් ලබා දීම සඳහා රාජපක්ෂ මහත්මිය නිර්දේශ කල ලිපිය යොමුකර ඇත්තේ, රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක් භාවිතා කරමිනි.
විමල් වීරවංස හිටපු ඇමතිවරයා විසින් නීති විරෝධීව තම ඥාතීන් ගණනාවකට නිවාස ලබා දී ඇති අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියද එයින් එක් නිවසක් තම කාර්ය මණ්ඩලයේ මිලින්ද රත්නායකට ලබාගෙන ඇත.ඊයේ පැවති රූපවාහිනි වැඩසටහනකදී හිටපු ඇමති විමල් වීරවංශගෙන් මෙම කරුණු සම්බන්ධව ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතාද විමසා සිටියා.එහිදී ඔහුට එම කාරණාවන්ට නිසි ලෙස පිළිතුරු සැපයීමට නොහැකි වූ බවයි දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර සිටියේ.
එමෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවත්වාගෙන යනු ලබන කාල්ටන් පෙර පාසල් සමූහය තුළ මහා පරිමාණ මුදල් අයකිරීම් සිදු වී ඇති අතර එම පෙරපාසල්වල ඉගෙන ගත් ළදරුවන් රජයේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරවීමටද විවිධ බලපෑම් සිදු කර ඇති බව හෙළිවී තිබෙන්නේ, මීට පෙර ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවත්වාගෙන යන ‘සිරිලිය සවිය’ නම් රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුම සඳහා ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංකයක් යොදා ගෙන ඇති බව හෙළි වී තිබියදීය.
ඊයෙ නම් හැබැයි භාගයක් හරීන් නා ගත්තා. ඉතුරු භාගේ විමල් නැවා