ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් එසේම ලබන සැප්තැම්බරය මාසය වනවිට නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අද උදෑසන පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග හමුවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියා.
සැප්තැම්බරය වනවිට නව පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීමට නම් අවම වශයෙන් මෙම මාසය අවසන් වීමට පෙර වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වනවා.