යාපනය, කයිට්ස් පුන්කුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු දැරියක් දුෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පිලිබද මේ වන විට හෙළිවී තිබෙනවා.
එම සැකකරුවන්ගෙන් එක් ප්‍රධාන සැකකරුවෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යාව ජීව වැඩ කටයුතු කල පුද්ගලයෙකු බවට හෙලිවී තිබෙනවා. එමෙන්ම ඔහු හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සමීපතම මිතුරෙකු බවටද වාර්තා වේ.
ඔහුගේ නම සඳහන් වන්නේ ‘පුලුකුයි’ ලෙසට බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
සුගිය 13 වන බදාදා උදෑසන පුන්කුඩතිව් පාසැලට යෑමට පිටත්ව ගිය ශිවයෝගනාදන් විද්‍යා එදින සවස නිවසට නොපැමිණි බැවින් දෙමාපියන් ඇය ගැන සොයා බැලූ විට දැනගන්නට ලැබුනේ ඇය එදින පාසැලට නොපැමිණි බවයි. පසුව සියළු දෙනා එක්ව ඇය ගැන සොයා බලද්දී පසුදා උදෑසන පාසැලට යන අතරමග තිබූ කැලෑවක තිබී මරා දමන ලද විද්‍යාගේ සිරුර සොයා ගත්හ. ඇයගේ දෑත් එක් කොට බැඳ තමා තිබුණු අතර සමූහ දූෂණයකට ලක්වූ බවට සාක්ෂි හමුවිය.
ශිෂ්‍යාවගේ දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් ශිෂ්‍යාව පදිංචි පළාතට පොළිස් මුරපොලක් ලබාදීම පිණිසත් මහජනතාව සමග කරුණු සාකච්ඡා කිරීමට 19 දහවල් පුංගුඩුතීවු පළාතට ගිය යාපනය නියෝජ්‍ය පොළිස්පතිවරයාව වට කරගත් ජනතාව ඔහුට යාමට නොදී බලපෑම් කළ බවද පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිගත් අතර ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් ඇතිවූයේ ජනතාව පොළිස් පරීක්ෂණ පිළිබඳව දැනුවත්වීමක් නොමැති නිසා යැයිද පෙන්වා දුන්නේය.
We never thought like that.but sometimes its true..actually with Mr some people we can see..like that rubish persons..