• Mon. Feb 6th, 2023

මෙරට ව්‍යාපාරිකයා දැන් සම්පූර්ණයෙන්ම නිදහස් – ජනපති

 

my3

ආණ්ඩුව ව්‍යාපාර නොකරන බවත්, මෙරට ව්‍යාපාරිකයා දැන් සම්පූර්ණයෙන්ම නිදහස් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්තාවේ.

එමෙන්ම කිසිදු ව්‍යාපාරිකයෙකුට තම ව්‍යාපාරය කරගෙන යාමේදී බාධා ඇතිවන්නේ නම් එය දැනුම්දෙන ලෙසද ජනාධිපතිවරයා පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘හොටෙල් ෂෝ’ ප්‍රදර්ශනයට එක්වෙමිනි.

මෙරට විදේශ විනිමය ගෙනඑන ක්ෂේත්‍ර සංචාරක ක්ෂේත්‍රය සිවුවැනි ස්ථානයේ පවතින බවත්, එය පළමු ස්ථානයට ගෙනඒමට සියලු පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

“ආණ්ඩුවකට පුළුවන් සැලසුම් හදන්න, ප්‍රතිපත්ති හදන්න. නමුත් එය ක්‍රියාත්මක කිරීම ජනතාව හෝ ව්‍යාපාරිකයන්ට අයිති ආණ්ඩුව බිස්නස් කරන්නෙ නැහැ. ආණ්ඩු තියෙන්නේ බිස්නස් කරන්න නෙමෙයි. රට තුළ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්න.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වගේම රටක හෝ කළමනාකරණය සමග යහපාලනය ගෙනියන්නයි ආණ්ඩුවක් තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරිකයන්ට නිදහසේ ව්‍යාපාර කරගෙන යන්න නිදහස තිබෙනවා. කිසිම ව්‍යාපාරයකට මං අත ගහන්නේ නැහැ.

එක කාලයක් තිබුණා ගංගාවල මැණික් ගරන්නෙත් ආණ්ඩුවේ ලොකු කට්ටිය තමයි. දැන් එහෙම නැහැ. මේ රටේ ඔක්කොම ව්‍යාපාරිකයෝ නිදහස්. කාටහරි අවහිර කරනවා නම්, බලපෑම් කරනවා නම් මට කියන්න”

යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇති බවට වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *