ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සිවිල් නීතීඥවරයෙකු වන ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත්කොට ඇති බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. රොමේෂ් ද සිල්වාගේ මෙම පත්කිරීම
පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කමිටුව විසින් ද අනුමත කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.රොමේෂ් ද සිල්වා මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනීසිටි අතර පසුගිය දිනවල වඩාත් විවාදයට තුඩුදුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් ඔහුව අත්අඩංගුවට ගැනීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබාගන්නා ලදී.එය විවිධ පාර්ශව වල වික්ෂ්පිතභාවයට හේතු වූ අතර මෙම තනතුරු පිරිනන්නේ එවැනි පසුබිමක් යටතේදීය.
එමෙන්ම බ්‍රසීලයේ තානාපති ධූරය සඳහා ජෙනරාල් ජගත් ජයසූරිය හා පකිස්ථානයේ තානාපති ධූරය සඳහා ලුතිනන් ජෙනරාල් දයා රත්නායක දෙදෙනා පත්කොට තිබෙන බවත් වාර්තා වෙනවා. විදේශ අමාත්‍යංශයේ උසස් නිළධාරියකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එය ඔවුන් දෙදෙනාට ‘ජනවාරි 09 හමුදා කුමන්ත්‍රණය’ උදෙසා කරන ලද උපහාරයක් බවයි.
