පළමු පෙළ ශතක වැඩිම සංඛ්‍යාවක් ලැබූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට කුමාර් සංගක්කාර ඊයේ (21) සමත්වුණා. එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදී සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරමින් ශතකයක් ලැබීමත් සමඟයි සංගක්කාර එම වාර්තාව පිහිටුවනු ලැබූවේ.
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ නොතැම්ප්ටන්ෂයර් ප්‍රාන්ත පිල සමඟ පැවති තරඟයේදී සංගක්කාර රැස් කළේ තම 52 වන පළමුපෙළ ශතකයයි. පළමුපෙල තරඟවලදී සංගක්කාර ලකුණු 17,757 ක් රැස් කර ඇත්තේ 51.6 ක සාමාන්‍යයක් පවත්වා ගනිමින්.
පළමුපෙළ ශතක සඳහා මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ මහේල ජයවර්ධන විසින්. ඔහු පළමු පෙළ ශතක 51 ක් සමඟ පළමු පෙළ ක්‍රිකට් තරඟවලදී ලකුණු 17,838 ක් ලබා තිබෙනවා.