“බෝමැඩ වගුරන කිරි කළ දහසින්
වැලි මළුවේ කිරි දියර ගලා යයි…
ඉන් එක කිරි කඳුළක් පිංවතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුනමැන….මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් විරචිත ඉහත ගීතය නන්දා මාලිනිය විසින් ගායනා කරන ලද්දේ මීට අවුරුදු 33 කට ඉහත ඇය විසින් එළිදැක්වූ ‘පහන් කන්ද’ ගීත සමුච්චයේය. එවක පැවති ආණ්ඩුව විසින් මෙම ගීතය සපුරා තහනම් කරන ලද්දේ සම්ප්රදාය කොන්දේසි විරහිතව ප්‍රශ්න කළ බැවිනි.
අද අප ජීවත් වන්නේ 21 වැනි සියවසේ ‘ඩිජිටල් යුගයක’ ය. කිරි කළවලින් බෝධිය නෑවූ සම්ප්රදාය බෝධියේ රන්වැට පැන චෛත්‍ය රාජයාණන් ද මේ වනවිට වෙනත් ආකාරයකට ආක්‍රමණය කරඇති බවට මේ රූප පෙළ කදිම නිදසුනකි. කිරි කලයකට වියදම් වන මුදලට වඩා සිය දහස් ගුණයක් චෛත්‍ය රාජයාණන් උදෙසා පළතුරු පූජාවට කැප කරන්නේ දරුවන්ගේ බඩගින්න ඉවසා සිටීමට නොහැකිව ඔවුනටද වස පොවා මෑණියනුත් වස බොන පින්බර දේශයකය.
මිථ්‍යාව වන්දනාමාන කරමින්, මිථ්‍යාව වපුරුවමින් නිවන ප්‍රාර්ථනා කරන අප නිවනෙන් යොදුන් ගණන් ඉවතට ඇදී යන්නේ මෙවන් ක්‍රියා තුළිනි.
( ලංකා නිව්ස් වෙබ් )
